2025 ජනවාරි 30, පෙ.ව. 1:19
වයස 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව සමග තරගය ලකුණු 12කින් ජය ගන්නට ශ්‍රී ලංකා වයස 19න් පහළ කාන්තා කණ්ඩායම සමත් විය.
නමුත් සුපර් 6 වටයේ ඉන්දියාව සමග තරගය පරාජය වීම හා ස්කොට්ලන්ත තරගය වර්ෂාව නිසා අත් හිටුවීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට පිවිසීම අහිමිව ගියේය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 99ක් ලබා ගත්තේය.

සංජනා කාවින්දි ලකුණු 19ක් ද,සුමුදු නිසංසලා ලකුණු 18ක් ද ලබා ගත්තා.
ඔස්ට්‍රේලියා වයස 19න් පහළ කාන්තා කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 87ක් පමණි.

චමෝදි ප්‍රබෝධා ලකුණු 13කට කඩුලු 2ක් ද,ප්‍රමුදි මෙත්සරා ලකුණු 16කට කඩුලු 2ක් ද හා අසෙනි තලගුණේ ලකුණු 18කට කඩුලු 2ක් ද දවා ගත්තා.
ලිමන්සා තිලකරත්න ලකුණු 18කට කඩුල්ලයි.

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47