සිය කණ්ඩායම රජයට සහාය දක්වන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද ආණ්ඩුකාර තනතුරක් ලබා ගැනීමට කටයුතු කරන්නැයි එම තනතුරු බලාපොරොත්තුවෙන් පසුවන පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා
එසේ ආණ්ඩුකාර තනතුරු අපේක්ෂාවෙන් සිටින පිරිස අතරට දකුණු පළාත නියෝජනය කරන හිටපු ආණ්ඩුකාරවරයෙක්,බස්නාහිර පළාත නියෝජනය කරන හිටපු පළාත් ඇමතිවරයෙක්,මධ්‍යම පළාත නියෝජනය කරන හිටපු ආණ්ඩුකාරවරයෙකු ද ඇතුලත්
කෙසේ වෙතත් මේ පිළිබදව නිමල් සිරිපාල ඇමතිවරයා ලිකිතව ජනාධිපතිවරයාව දැනුවත් කිරීමට පොරොන්දු වී ඇති බවද වාර්තා වෙනවා
දේශපාලන වාර්තාකරු