hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 12, ප.ව. 3:04


සා පෙල ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අන්තර්ජාලයට මුදාහල ගුරුවරයා අත්අඩංගුවට

අපොස සාමාන්ය පෙළ විභාගයේ ඉකුත් 09 දින පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය කොටස් කීපයක් වශයෙන් වට්ස්ඇප් සමූහයක් හරහා උපකාරක පන්ති සිසුන් හට අන්තර්ජාලය හරහා මුදාහැරීමට කටයුතු කළේ යැයි සැක මත හසලක ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරයෙකු 12 දින මහනුවර කොට්ඨාස පරිගණක අපරාධ අංශය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.                                                                         

මෙම උපකාරක පන්ති ගුරුවරයා මහියංගණය, පුහුල්යාය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද උපකාරක පන්ති ගුරුවරයාගේ මව හසලක ප්‍රදේශයේ ප්‍රධාන පාසලක හිටපු විදුහල්පතිවරියක බවද සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ  පොලිසිය පවසයි.                                        

මෙම පුද්ගලික උපකාරක පන්ති ගුරුවරයාගේ මෙන්ම ඔහුගේ මව සතුව තිබූ ස්මාර්ට් ජංගම දුරකතන දෙකක්ද පොලිසිය භාරයට ගෙන ඇත.

මෙම උපකාර පන්ති ගුරුවරයාගේ වට්ස්ඇප් ජාලය සමග දහසක් පමණ සිසුන් සම්බන්ධව සිටින බවට තොරතුරු ලැබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් හසලක පොලිසිය, මහනුවර කොට්ඨාස පරිගණක  අපරාධ ඒකකය මෙන්ම  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද විශේෂ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බව සඳහන් වෙනවා.