2022 මැයි 01, ප.ව. 9:22
ජාතික මලල ක්‍රිඩකයෙකු වන මනිවේල් සත්‍යශිලන් මහතා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල ජනාධිපතිවරයාට ගෙදර යන ලෙසට ආරම්භ කර ඇති උද්ඝෝෂණයට සහය දැක්විම සදහා ඊයේ (30) දින පාගමනක් ආරම්භ කර තිබෙනවා.
නුවරඑලිය රාගල නගරයෙන් ඊයේ (30) දින උදෑසන 10.00 ට ගමන් ආරම්භ කල මනිවේල් සත්‍යශිලන් මහතා නුවරඑලිය හැටන් ගිනිගත්හේන අවිස්සාවේල්ල හරහා කිලෝමිටර් 175 ක් දුර පාගමනින් ගොස් සහය දැක්විමට තිරණය කර ඇත්තේ.
2002 වසරේ ඇවිදිමේ තරග සහ මිටර් 3000 ධාවන තරග වලට සහභාගි වූ මනිවේල් සත්‍යශිලන් මහතා ආසියානු තරග කිහිපයකටම සහභාගි වු ක්‍රිඩකයෙකි.
නුවරඑලිය උඩුපුස්සැල්ලවා ඇමස් වත්ත පදිංචි මනිවේල් සත්‍යශිලන් ක්‍රිඩකයා ජිවන උපාය වශයෙන් එම වතු යායේ එලවළු වගාව සිදු කරන අතර රසායනික පොහොර මිල ඉහල යාම, රසායනික ද්‍රව්‍ය නොමැති වීම හමුවේ එලවළු වගාව සිදු කරගෙන යාමට නොහැකි බව පවසමින් කොළඹ ගාලුමුවදොර “ගෝඨාගෝගම” තරුණයන්ට සහය දැක්විම පිණිස පාගමනක් ආරම්භ කල බවය මනිවේල් සත්‍යශිලන් මහතා ඒෂියන් මිරර් අප සමග කියා සිටියේ.
මනිවේල් සත්‍යශිලන් මහතාගේ සහයෝගය ඔහුගේ බිරිද වන වලපනේ ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිනි සම්මුගම් දේවප්රියා මහත්මියද (සමගි ජන බලවේගය ) සිය අවුරුදු 1 ½ වයසැති පුතු සමග ත්‍රිරෝද රථයකින් පසුපසින් ගමන් කරමින් සිටියි.
තමන්ට විඩාව දැණුනු විට විඩාව නිවා ගැනිම සදහා යන ගමන් මාර්ගයේ ස්ථානයක විවේක ගැනිම සදහා නතර වන බවත්, අතරමගදි තමන්ට ලැබෙන ආහාර තම බිරිදට සහ දරුවාට ලබා දි තමන්ද ආහාර ගන්නා බවයි මනිවේල් සත්‍යශිලන් මහතා කියා සිටියේ.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 25, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08