2023 අගෝස්තු 07, ප.ව. 2:34
දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පළාත් 4කට අයත් පුද්ගලයන් 90,000ක පමණ පිරිසක් පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව සබරගමුව, නැගෙනහිර, වයඹ සහ උතුර යන පළාත්වලට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 18ක ජනතාව එලෙස පීඩාවට පත්ව තිබෙනවා.
පවුල් 27,885කට අයත් පුද්ගලයන් 89,485 දෙනෙකු එලෙස පීඩාවට පත්වී ඇති අතර වැඩි ම බලපෑමට ලක්වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කය බව එම මධ්‍යස්ථානය සඳහන් කළා.
යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 5ක පවුල් 21,714කට අයත් පුද්ගලයන් 69,113 දෙනෙකු පීඩාවට පත්වී ඇත.
එමෙන් ම, සබරගමුව පළාතේ පවුල් 1,098කට අයත් පුද්ගලයන් 5,734 දෙනෙකු, වයඹ පළාතේ පවුල් 1,726කට අයත් පුද්ගලයන් 5,655 දෙනෙකු සහ නැගෙනහිර පළාතේ පවුල් 2,747කට අයත් පුද්ගලයන් 8,983 දෙනෙකු පීඩාවට පත්වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවා.
කාලගුණය ගත් විට බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඊට අමතරව නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වන අතර සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතියි.
මුහුදු ප්‍රදේශ ගත් විට හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි විය හැකි බැවින් එවිට එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු වෙනවා.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.0 – 2.5 පමණ ඉහළ යාමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
2024 දෙසැම්බර් 26, ප.ව. 7:12
2024 දෙසැම්බර් 26, ප.ව. 12:42
2024 දෙසැම්බර් 26, පෙ.ව. 9:19
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 26, පෙ.ව. 12:07