hit counter

2026 ජූනි මස 13 වන සෙනසුරාදා

2022 ජූනි 28, පෙ.ව. 7:12



පසුගිය 23 වනදා විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා කෝප් කමිටුව හමුවට පැමිණි අවස්ථාවේ ලබාදුන් ප්‍රකාශයන්ට අදාල විඩියෝ පට ඊයේ(27) මාධ්‍යයට නිකුත් කළා.

සාමාන්‍ය පරිදි කෝප් කමිටුව රැස්වු දින හෝ ඊට පසුදින එහි විඩියෝ පට මාධ්‍යයට නිකුත් කිරීම සිදුවුවද එදින විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා සහභාගි වු විඩියෝ දර්ශන මාධ්‍යයට නිකුත් කළේ නැහැ.

මීට පෙරද ඔහු කෝප් කමිටුව හමුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කර තිබූ අතර එම ප්‍රකාශය ඉවත් කරගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ලිපි පිළිබද සාකච්ජා කිරීම සදහායි ඔහුව යළි කෝප් කමිටුවට කැඳවා තිබුණා.

තමන් තමන් ගැනම ලැජ්ජා වන බවයි ඔහු කෝප් කමිටුව හමුවේ ප්‍රකාශ කළේ.

එම වීඩියෝව පහතින්,

https://youtube.com/watch?v=Vp8zP3oIs_Y




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: