2024 ඔක්‍තෝබර් 18, ප.ව. 12:25
ගෝලීය හරිත වර්ධන සමුළුව 2024
ගෝලීය තිරසාර පාරිසරික වටිනාකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙවර 2024 සමුළුවේ සාමාජික රටවල අවධානය යොමු කරනු ලබයි. දකුණු කොරියාවේ සෝල් අගනුවර පැවැති ගෝලීය හරිත වර්ධන සමුළුව සදහා පරිසර, වනජිවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් බි.කේ ප්‍රහාත් චන්ද්‍රකීර්ති මහතා විෂය භාර අමාත්‍ය විජිත හේරත් මහතා නියෝජනය කරමින් සහභාගි විය.
මෙම සමුළුවේදි 2025-2026 දෙවර්ෂය සදහාද ගෝලීය හරිත වර්ධන ආයතනයේ (GGGI) උප සභාපති සහ සම සභාපති ධුරයට දෙවන වරටත් ලේකම් පරිසර වනජීවි පරිසර, වනජිවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් බී.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සාමාජික රටවල් 48 ක් අතරින් තේරී පත් විය.
මෙහිදී රැස්වීමේ සහ කවුන්සිලයේ සභාපති බෑන්කී මූන් මහතා (Ban-Ki-Moon) GGI සභාව සහ කවුන්සිලයේ උප සභාපති සහ සම සභාපතිවරුන් ලෙස කීයන් චුන් මහතා (KeeYong Chung) (දකුණු කොරියාවේ දේශගුණ විපර්යාස පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය) සහ බී. කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා (ලේකමි පරිසර, වනජීවී, වනසංරක්ෂණ අමාත්‍යාංශය) මෙම සමුළුවේ මුලසුන දැරූහ.
එසේම, මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවට පැරිස් සම්මුතියේ 6 වන වගන්තිය යටතේ කෘෂිකර්ම විදුලිබල කර්මාන්ත ප්‍රවාහන යනාදී කෙෂත්‍ර 6 ක දේශගුණ විපර්යාස අවම කර ගැනීම සඳහා, එමෙන්ම කාබන් වෙළෙඳ පෙළෙහි නීති රීති බලගැන්වීම සඳහාත් ඩොලර් 779 000 ක මුදලක් අනුමත කරනු ලැබ ඇත.
2024 – මෙවර සමුළුව “ අවිනිශ්චිත කාලවලදී හරිත වර්ධනය” තේමාවෙන් දකුණු කොරියාවේ සෝල් අගනුවරදි 13 වන සභා වාරය සහ 17 වන කවුන්සිලයේ ඒකාබද්ධව සැසිවාරය පැවැත්විණි.මෙම සමුළුව ඔක්තෝම්බර් 12 සිට 18 වෙනිදා දක්වා පැවැත් වේ.
ගෝලීය තිරසර පාරිසරික වටිනාකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙවර 2024 සමුළුවේ සමාජික රටවල අවධානය යොමු කරනු ලබයි.
මෙහිදි වැඩි දුරටත් සහයෝගීතාව සහ ඒකාබද්ධ ප්‍රයත්නයන් වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව සාකච්ඡා කිරීමට, දේශගුණික ක්‍රියාකාරකම් සහ පාරිසරික මුලපිරීම් ඉහළ නැංවීම සඳහා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීමේ මාර්ග නිර්මාණය කිරීමට සහ හරිත ආර්ථිකයක් කරා සංක්‍රමණය වේගවත් කිරීමට සමුළුව තුලින් මුලික ලෙස අරමුණු කරනු ලබයි. ශ්‍රී ලංකාව ඒ සදහා ගෙන ඇති තිරසර ප්‍රවේශයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලදි.
එහිදි රටට බලපාන ආර්ථික හා බලශක්ති අර්බුදවලින් ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත්වීම මධ්‍යයේ, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේ තීරණාත්මක අවශ්‍යතාවය සහ වැදගත්කම සහ ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් තීරණය කළ දායකත්වය (NDC) ක්‍රියාත්මක කිරීම තුළින් රටේ හරිත වර්ධන සංක්‍රාන්තිය වේගවත් කිරීම සඳහා තීරණාත්මක අවශ්‍යතාවය සහ වැදගත්කම සම්බන්ධයෙන් අවධානය යොමු විය.
සමස්ත, දිගුකාලීන විසඳුම මෙන්ම හරිත ආර්ථිකයකට සංක්‍රමණය වීමට සහ 2050 වසර වන විට දේශගුණික විපර්යාස ඉලක්ක සපුරාලීමට ශ්‍රී ලංකා රජයේ කැපවීම අවධාරණ කෙරේනි. 2030 වන විට කාබන් විමෝචනය 14.5 % කින් අඩු කිරීම සහ එහි ශුද්ධ ශුන්‍ය 2050 වසර සදහා සැලැස්ම හරහා කාබන් මධ්‍යස්ථභාවය ළඟා කර ගැනීම ශ්‍රී ලංකාව අරමුණු කරගෙන සිටින බව මෙහෙදි පෙන්වා දි තිබේ.
පසුගිය සැප්තැම්බර් 21 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් නව ජනාධිපති ලෙස ගරු අනුර කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයෙන් (NOO) තේරී පත් වි ඇති බවත් ජාතික ප්‍රවාහන උපාය මාර්ගයේ කොටසක් ලෙස විද්‍යුත් සංචලනය වෙත සංක්‍රමණය වීමත් එහි ප්‍රතිඵලයක් ලෙස කාබන් විමෝචනය අවම වීමත් ජාතික ප්‍රතිපත්තියක් ලෙසින් පිලිගෙන තිබෙන බවත් ජනාධිපතිවරණ ප්‍රතිපත්ති මාලාව තුලින් එය තහවුරු කර ඇති බවත් සිය දේශණයේදි පරිසර, වනජිවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් බි.කේ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සමුළුවේ අවධානය යොමුකර ඇත.
කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ප්‍රධාන මූලධර්ම ලෙස ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුලින් දේශගුණය සහ අවදානම් අවම කිරීම අවධාරනය කර තිබෙන බවත් සමාජික රටවල නියෝජිතයින්ගේ අවධානයට යොමු කරන ලදි.
2025 මැයි 21, ප.ව. 12:43
2025 මැයි 21, පෙ.ව. 11:53
2025 මැයි 21, පෙ.ව. 11:29
2025 මැයි 21, පෙ.ව. 10:30
2025 මැයි 21, පෙ.ව. 12:14