2025 මැයි 20, පෙ.ව. 12:05
යුධ හමුදාවේ 3 වන විශේෂ බලකා රෙජිමෙන්තුවට අයත් දිගු දුර විහිදුම් බලකාය (Long Range Reconnaissance Patrol – LRRP) හෙවත් මහසොහොන් බලකායේ අණදෙන නිලධාරී වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ වීර සෙනෙවියා මව්බිමට අහිමි වී දශක එකහමාරකට වැඩිය.
කුප්‍රකට 2002 මිලේනියම් සිටි මහා පාවා දීමෙන් සහ එහි අණදෙන නිලධාරියා වූ ලුතිනන් කර්නල් තුවාන් නිසාම් මුතාලිෆ් සෙනෙවියාගේ මරණයෙන් පසු පසුබසින ලද මෙම නිර්භීතයන්ගේ බලකාය නැවත ප්‍රබල ලෙස ගොඩ නංවා ත්‍රස්ථවාදීන් බියෙන් සලිත කර වූ විශ්මිත ප්‍රහාර මාලාවකින් ත්‍රස්තවාදීන්ට දැඩි හානි සිදු කිරීමේ මෙහෙවරේ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ තබා ගිය මතකයන් සුළුපටු නොවේ..
මුහුදු කොටි බලකායෙ දෙවන අණදෙන නිලධාරියා වන ගන්ගෙයි අමරන් ඉලක්ක කර 2001 ජුනි එල්ල කල ප්‍රහාරයේ සිට කොටි බුද්ධි අංශ නායකයෙක් වන චාර්ල්ස්, කොටි ගුවන් බලකායේ ප්‍රධානී ෂංකර් (2001 සැප්තැම්බර්) යන ප්‍රධාන පෙලේ කොටි නායකයින් විනාශ කල සියළු ප්‍රහාර ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ විසින් මෙහෙය වූ ප්‍රහාර බව ප්‍රචලිතය..
යුද හමුදා ඉදිරි ආරක්ෂක වලල්ලෙන් කිලෝමීටර් 28 කට වඩා දුරින් පිහිටි මාන්කුලම් මුලතිව් මාර්ගයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී 2008 වසරේ කොටි මහවිරු දිනයට යන කොටි ප්‍රභූ රථ පෙලක් ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට ලලිත් ඇතුළු අට දෙනාගේ කණ්ඩායමට හැකි වී තිබුනි..
එම ඉලක්කය සාර්ථක කර ගත් ලලිත් ඇතුළු කණ්ඩායම සහ ඔවුන් සොයා වනය පීරමින් සිටි කොටි ත්‍රස්තවාදීන් අතර ප්‍රධාන ප්‍රහාරය වූ ස්ථානයෙන් කිලෝමීටර් 3ක් පමණ දකුණට වන්නට මහ වන මැද දරුණු සටනක් ඇවිල ගිය අතර එහිදී ත්‍රස්තවාදීන් පරාජය කරන්නට ලලිත්ගේ කණ්ඩායම සමත් වූවත් ලලිත්ගේ වම් පාදයට වෙඩි පහරක් වැදී තිබුනි..
ඉන් පසුව තවත් කිලෝමීටර් කිහිපයක් දුරකදී තවත් දරුණු කොටි ප්‍රහාරයකට එම කණ්ඩායමට මුහුණ දීමට සිදු වූ අතර එහිදී පපුවට වැදුනු වෙඩි පහරකින් ජාතියේ විශිෂ්ඨතම සෙන්පතියෙකු වූ ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ සදහටම දෙනෙත් පියා ගන්නට සිදු විය..
ඔහු විරුවෙකුට ලැබිය හැකි ඉහළම සම්මානය වූ පරම වීර විභුෂනයෙන් – PWV පුදනු ලැබූ අතර දෙවන ඉහළම සම්මානය වූ වීර වික්‍රම විභුෂන – WWV සම්මානයෙන් දෙවරක් පිදුම් ලැබූ එකම නිලධාරියා ලෙස ලලිත් ජයසිංහගේ නාමය ශ්‍රි ලංකා හමුදා ඉතිහාසයේ සටහන් කරන්නට ඔහු ජීවත් වූයේ සිය ජීවන ගමනේ වසර 34ක් පමණි..
අභීත රණවිරුවාණනි ඔබ ඇතුළු රට දැය වෙනුවෙන් දිවි දුන් සියළු විරුවන්ට ජාතියේ උත්තමාචාරය හිමි වේවා..!!!
2025 මැයි 20, පෙ.ව. 12:22
2025 මැයි 20, පෙ.ව. 12:08
2025 මැයි 20, පෙ.ව. 12:05
2025 මැයි 20, පෙ.ව. 12:05
2025 මැයි 19, ප.ව. 12:51
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25
19-05-25