hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 16, පෙ.ව. 11:04


හිටපු ඉඩම් ලොක්කාට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂන් ද සිල්වාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඇප ලබා දී තිබේ.

රජයේ අරමුදල්වලින් රුපියල් මිලියන 27.6 ක් අයථා ලෙස පරිහරණය කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හර්ෂන් ද සිල්වා ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා අනවසර කාර්යයක් සඳහා රාජ්‍ය අරමුදල් භාවිත කිරීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: