hit counter

2026 අගෝස්‍තු මස 31 වන සඳුදා

2025 මැයි 20, පෙ.ව. 12:27



ඩෙංගු සහ චිකුන් ගුන්යා වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ  ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

වෛද්‍යවරයා පවසන්නේ, වර්ෂාව සමග මෙම රෝග පැතිරීම තවදුරටත් වර්ධනය විය හැකි බවයි.

ඒ අනුව හැකි සෑම අවස්ථාවකම ගෙවත්තේ සහ  ආයතනවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

දින දෙකකට  වඩා උණ පවතී නම් ඩෙංගු පරීක්ෂාවක් කර ගන්නා ලෙසටද වෛද්‍යවරයා ඉල්ලීම් කළා.

හන්දිපත් වේදනාව දිගටම පවතින්නේ නම් එය  චිකුන් ගුන්යා  රෝග ලක්ෂණයක් විය හැකි  බව දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පෙන්වාදෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: