hit counter

2024 මැයි මස 21 වන අඟහරුවාදා

2022 මැයි 30, ප.ව. 9:45



ඝාතනයට ලක් වූ අටුළුගම ෆාතිමා ආයිෂා දැරියගේ අවසන් කටයුතු දහස් ගණනකගේ සෝසුසුම් මැද අටුලුගම මහ පල්ලිය සුසාන පොදු සුසාන භූමියේදී මධ්‍යයේ අද රාත්‍රියේ දී සිදු කෙරුණා.

ෆාතිමා දැරිය ඉකුත් 27 වැනි දින වෙළඳ සැලකට ගොස් යළි නිවසට පැමිණෙන අවස්ථාවේදී නොසිතූ නොපැතූ අයුරින් නිවසට මීටර් කීපයක් තිබියදී හිත් පිත් නැති කාමාතුරයකුගේ අතින් ඝාතනයට ලක් වුණා.

ඇයගේ වියෝවත් සමඟම 20,000ක පමණ මහා ජනකායක් වෙසෙන අටුලුගම ගම්මානය පමණක් නොව මුළු රටම හඬා වැලපෙන්නට වුණේ ඇය හයක් හතරක් නොදත් කුඩා දැරියක වූ නිසාමයි.

දැරිය කුකුල් මස් ගෙන ඒම සඳහා නිවස ආසන්නයේ වූ වෙළද සැලකට පසුගියදා ගොස් තිබු අතර පසුව ඇය නිවසට නොපැමිණි අතර පසුව නිවස අසළ මඩ වගුරක තිබී දැරියගේ සිරුර සොයා ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් විමර්ෂණ සිදු කරනවා.