hit counter

2026 අප්‍රේල් මස 29 වන බදාදා

2026 අප්‍රේල් 28, ප.ව. 12:01



“ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අද (28) වන අතර අද දහවල් 12ට කැලණිය රජ මහා විහාරස්ථානයෙන් ආරම්භ වන සාම පාගමන නිදහස් චත්‍රරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතව තිබෙනවා.

පස්වරු 04.00ට නිදහස් චත්‍රරස්‍රයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිතයි.

එහිදී ජනාධිපතිවරයා විසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාර දීම සිදු කෙරෙනවා.

නිදහස් චතුරස්‍රයේ සිට පස්වරු 5.30ට යළි ආරම්භ කෙරෙන පාගමන කොළඹ ගංගාරාම විහාරස්ථානයට ලගාවීමෙන් පසු නිමාවට පත් වෙනවා.

ලෝකයටම සාමයේ පණිවිඩය ගෙන යන “ඒහි පස්සිකෝ” ජාත්‍යන්තර සාම පාගමන පසුගිය 22 වන දින දඹුල්ලෙන් ආරම්භ වූ අතර එය ඊයේ දිනයේ දී යක්කල සිට කැලණිය රජ මහා විහාරස්ථානය දක්වා ගමන් කරනු ලැබුවා.

මේ සාම පාගමන අතරේ හරි අපූරු සිදු වීමක් සිදු වී තිබෙනවා.

එහිදී කාන්තාවක් විසින් සාම පාගමනේ හිමි නමකට පිරිකර වශයෙන් මුදල් ලබා දීමට කටයුතු කරනු ලැබුවා.

හිමි නම විසින් එම පිරිකර ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: