hit counter

2025 සැප්‍තැම්‍බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 1:35



සිය දරුවන් දෙදෙනා ඝාතනය කර, සූට්කේස් දෙකක දමා අතහැර තිබූ ගබඩා ලොකරයක හැර ගොස් සිටි දකුණු කොරියානු සම්භවයක් සහිත නවසීලන්ත ජාතික කාන්තාවක එම චෝදනාවට වරදකාරිය බවට පත් කර ඇත.

හක්යුං ලී (Hakyung Lee) නම් මෙම කාන්තාව, වයස අවුරුදු අට සහ හය වන වියේ පසුවූ දරුවන් ඝාතනය කළ බව පිළිගෙන තිබුණද, ඇය මානසික වියවුල් තත්ත්වයක් මත පදනම්ව මිනීමැරුම් චෝදනා දෙකටම නිවැරදිකරු ලෙස නම් කරන්නැයි ලෙස ඉල්ලා සිටියාය.

නීතිඥයින් දෙදෙනෙකුගේ සහාය ඇතිව, නඩු විභාගය පුරාවටම ඇය විසින්ම තමා වෙනුවෙන් පෙනී සිටීමට තීරණය කර තිබුණි.

නවසීලන්ත මාධ්‍ය වාර්තා කළේ, 2018 වසරේදී ලී විසින් දරුවන්ට, නියම කරන ලද ඖෂධ අධිමාත්‍රාවක් ලබා දී, පසුව ඔවුන්ගේ සිරුරු ප්ලාස්ටික් බෑග්වල ඔතා සූට්කේස්වල දමා ඇති බවට අධිකරණයේදී කරුණු අනාවරණය වූ බවයි.

දරුවන්ගේ පියා 2017 වසරේ අගභාගයේදී පිළිකා රෝගයකින් මියගොස් තිබුණි.

ජූරි සභාව සිය ඒකමතික තීන්දුව ප්‍රකාශයට පත් කරන විට ලී හිස නමාගෙන, කිසිදු හැඟීමක් නොපෙන්වා සිටියාය. පැමිණිල්ල හෝ විත්තිය අධිකරණයෙන් පිටව යන විට මාධ්‍ය වෙත කිසිදු ප්‍රකාශයක් නොකළ බව RNZ පුවත් සේවය වාර්තා කළේය.

දරුවන්ගේ දේහයන් 2022 වසරේදී සොයාගනු ලැබුවේ, අන්තර්ජාල වෙන්දේසියකින් මිලදී ගත් ගබඩා ලොකරයක තිබූ බඩු බාහිරාදිය පරීක්ෂා කරමින් සිටි පවුලක් විසිනි.

අනතුරුව නවසීලන්ත පොලීසිය මිනීමැරුම් පරීක්ෂණයක් ආරම්භ කළ අතර, 2018 වසරේ සිට දකුණු කොරියාවට ගොස් සිටි ලී, 2022 නොවැම්බර් මාසයේදී නඩු විභාගයට මුහුණ දීම සඳහා නැවත නවසීලන්තයට උදර්පණය කරන ලදී.

ලී සඳහා දඬුවම් නියම කිරීම නොවැම්බර් 26 වන දින සිදු කිරීමට නියමිතය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: