2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:11
ප්‍රවීණ රංගන ශිල්පිණී දුලීකා මාරපන පසුගිය සතිඅන්තයේ පුවත්පත් අතිරේකයට මෙසේ පවසා තිබේ.
“අපි හොඳ නිර්මාණයකට දායක වුණොත් ප්‍රේක්ෂකයන් අපිව ඇද බැඳ තබා ගන්නවා. ඒ වගේම සම්මානනීයත්වයටත් පත් වෙනවා. ඒ වුණාට වර්තමානයේ සම්මානයේ වගකීම බොහෝ අයට අමතක වෙලා.ඒ නිසා තමයි සම්මානය ලැබුණු ගමන්ම ඇඳ ගන්නෙ. ජනප්‍රිය නිළිය සම්මානය ගන්නවා ප්‍රේක්ෂකයෝ දන්නෙත් නැහැ එයා මොහොකද හිටියේ කියලා. කාගෙන් හරි අහල තමයි ඒ ගැන දැන ගන්නෙ.
මේ වන විට සම්මාන උළෙලවල් ගොඩාක් තිබෙනවා. හුඟක් ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාරයෙන් ගන්නා ලාභයට ආදායම් බදු ගෙවීම නවත්වා ගන්න තමයි සම්මාන උළෙලවල් පවත්වන්නේ. ඒක ඇත්තක් කියලා වර්තමාන සමාජයේ ජීවත් වෙන ඕනම කෙනෙක් දන්නවා. එහෙම වුණාම සම්මාන උළෙලවල ප්‍රමිතියක් නැහැ.
එතැනදි වෙන්නෙ උසස් තත්ත්වයේ ජර්මන් ප්‍රොඩක්ට් එකක් වෙනුවට බාල තත්ත්වයේ චීන ප්‍රොඩක්ට් වෙළෙඳපොළේ තිබීම වැනි දෙයක්. සම්මානයක වටිනාකමක් තිබෙන්නෙ එය දුර්ලභ වුණාම. එසේ දුර්ලභ වීම තුළ එම සම්මානයට හිමිවන තැන සහ වටිනාකම වැඩියි. මේ මොන දේ වුණත් රංගන ශිල්පීන් ලෙස අපි මතක තියාගත යුතුම දේ සම්මාන ලැබුණත් නොලැබුණත් තමන්ගෙ කාර්ය හරියට ඉෂ්ට කළ යුතුයි.
මුල් කාලයේ හොඳ පුහුණුවක්, සංයමයක්, විනයක් මෙම ක්ෂේත්‍රයේ තිබුණා. ඒ වගේම හැදෑරීම කියන දේ වඩාත් හොඳ මට්ටමක තිබුණා. වර්තමානය වන විට ඉහත කියපු කිසිම දෙයක් මේ තුළ නැහැ. එයට හේතුව ලෙස මම නම් දකින්නේ හැදෑරීමෙන් තොර පුහුණුවීමෙන් තොර පිරිසක් මේ තුළ සැරිසැරීමයි.
මේ ප්‍රශ්නය තිබෙන්නෙ නළු නිළියන් තුළ පමණක් නොවෙයි. මෙය සමස්ත නිර්මාණ කණ්ඩායම තුළම තිබෙන ගැටලුවක්. ඉස්සර පිටපතක් ලැබෙනවා. ඒ පිටපත මාස දෙකක් විතර හොඳට කියවනවා. ඉන්පසුව එම චරිතය පිළිබඳව අධ්‍යක්ෂවරයා සමඟ කතාබහ කරලා චරිතයට අවශ්‍ය ප්‍රවිෂ්ට හදා ගන්නවා. දැන් එහෙම නැහැ. දින තිබෙනවාද අහනවා. ගාන කීයද අහනවා. රූගත කිරීමේ දිනය ළංවෙනකොට පිටපතක් දික් කරනවා. ඒ තරම් පටු ස්ථානයකට නිර්මාණකරුවන් පත්වෙලා. ඒකට හේතුව කාලය සහ මුදල් සමඟ කරන අරගලය. නමුත් නිර්මාණකරණය තුළට එය පැමිණීම එතරම් සුබ ලකුණක් නෙවෙයි.”
2025 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:03
2025 ඔක්‍තෝබර් 21, ප.ව. 3:15
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 9:14
2025 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:26
2025 ඔක්‍තෝබර් 20, ප.ව. 2:58
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25
20-10-25
20-10-25