2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:06
‘දිට්වා’ සුළි කුණාටුව සමඟ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය නිසා නාය අවදානමට ලක්වූ මධ්‍යම පළාතේ පාසල් විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය මඟින් කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව විශ්වවිද්‍යාලවල සහාය ඇතිව පාසල් පරිශ්‍රයන්හි නායයෑම් පිළිබඳ අවදානම් පරීක්ෂණක් සිදුකෙරෙමින් පවතින බව සඳහන්.
මේ දිනවල මහනුවර, නුවරඑළිය සහ මාතලේ යන දිස්ත්‍රික්කවල නායයෑම් අවදානම් සහිත පාසල් පරිශ්‍රයන්වල තත්ත්වය කඩිනමින් තක්සේරු කිරීම ඒ අනුව සිදු වේ.
අඳාළ පරීක්ෂණ ඉකුත් 9 වන දින ආරම්භ කර ඇති අතර, ඒ සඳහා පේරාදෙණිය, මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ප්‍රවීණයන් හා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ගෙන් සමන්විත විශේෂඥ කණ්ඩායම් 15ක් මූලිකත්වය ගෙන කටයුතු කරන බව වාර්තා වේ.
එසේම පවතින වැසි තත්ත්වයේ අඩුවීමත් සමඟ මහනුවර දිස්ත්‍රික්කයට නිකුත් කර තිබු නායයෑම් අවදානම් රතු නිවේදනය වෙනස් වී ඇත.
එබැවින් මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, දොළුව, මිණිපෙ, මැදදුම්බර සහ ගඟ ඉහළ කෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පමණක් නායයෑමේ රතු නිවේදන තවදුරටත් නිකුත් කර තිබෙන බව සඳහන්.
2026 ජනවාරි 14, ප.ව. 4:22
2026 ජනවාරි 14, ප.ව. 12:16
2026 ජනවාරි 14, පෙ.ව. 11:56
2026 ජනවාරි 14, පෙ.ව. 12:12
2026 ජනවාරි 14, පෙ.ව. 12:09
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26