2026 ජනවාරි 20, පෙ.ව. 12:19
මේ කියන්න යන්නේ පහුගිය දවස් ටිකේ සමාජ මාධ්‍යයේ හුවමාරු වුණු වීඩියෝවක් ගැන කතාවක්.
වරින් වරට අපේ රටේ විවිධ ප්‍රදේශවල යම් කිසි කැළබීමක් ඇතිවෙන සිදුවීම් අසන්නට ලැබෙනවා.
එයින් බොහොමයක් ඒවා ඉතා සුළු සාමාන්‍ය සිදුවීමක් පාදක කරගත් අසාමාන්‍ය අනවශ්‍ය ප්‍රචාරණය නිසා සිදු වෙන ඒවායි.
මෙයත් එවැනිම සිදුවීමක්ද නැද්ද යන්න තේරුම් ගැනීම මෙය කියවන ඔබට තීරණය කිරීමට අප ඉඩ දෙන්නේ ඒ නිසාමයි.
පසුගිය දිනයක ටික්ටොක් වීඩියෝවක පළවූ දර්ශණයක් බොහො දෙනෙකුගේ අවධානයට ලක් වුනා.
එම විඩීයෝවේ සදහන් වෙන්නේ අධිවේගී මාර්ගයේ කැලණි පාලම මතින් ගමන් කරන වාහනයක කැමරාවේ පටිගත වූ දර්ශණයක්.
මේ වාහනයේ ගමන් කල රියදුරා තමන්ගේ පියවි ඇසට යම් පුද්ගලයෙක් පාලම මත සිටින ආකාරය දැක තිබෙනවා.
අධිවේගී මාර්ගයේ පයින් ඇවිද යාම තහනම් නිසාත් එවැන්නක් සිදුවීම අසාමාන්‍ය නිසාත් ගමන අවසන් කල ඔහු නැවතත් තම කැමරාව නිරීක්ෂණය කර තිබෙනවා.
එහිදී පැහැදිලිවම පාලම මත යම් පුද්ගලයෙක් සිටිනු දුටු ඔහු ඒ පිලිබදව වහාම 119 අමතා පොලිසීයට දැනුම් දී තිබෙනවා.
ඉන්පසුව ඔහු මෙම විඩීයෝව තමන්ගේ ටික්ටොක් එකවුන්ට් එක හරහා පබ්ලිෂ් කර ඇති අතර ඉන්පසුව ඔහුට මේ සම්බන්ධයෙන් කමෙන්ට් විශාල ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
මෙම සිදුවීම එඩිට් එකක් බව ප්‍රකාශ කරන කමෙන්ට් අතරේ මෙම සිදුවීමට මීට පෙර තමා මුහුණ දුන් බව පැවසෙන කමෙන්ට් කිහිපයක්ම එහි සදහන් වෙනවා.
මේ අවට ප්‍රදේශයේ ජීවත් වෙන තවත් කිහිප දෙනෙක්ම සදහන් කර තිබෙන්නේ මේ ස්ථානයේ සියදිවි හානි කරගෙන මිය ගිය තරුණයෙක් මේ ආකාරයට මෙම ස්ථානයේ සිටින ආකාරය ඔවුන් ඔනෑ තරම් දැක තිබෙන බවයි.
එසේම තවත් සමහරක් දෙනා සදහන් කරන්නේ මෙම ස්ථානයේ සිදු වූ අනතුරකින් පසුව මෙවැනි ජායාවන් බොහෝ දෙනෙක් දැක තිබූ බවයි.
කෙසේ වෙතත් මේ සිදුවීම පාදක කරගත් සත්‍යය පිළිබදව මේ වන තුරුත් හෙළි වී නැහැ.
(උපුටා ගැනීමකි)
2026 ජනවාරි 20, පෙ.ව. 12:14
2026 ජනවාරි 20, පෙ.ව. 12:07
2026 ජනවාරි 19, ප.ව. 1:15
2026 ජනවාරි 19, පෙ.ව. 9:08
2026 ජනවාරි 19, පෙ.ව. 12:24
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
20-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26
19-01-26