hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 19, ප.ව. 6:09



පහවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහර පන්ති පවත්වන හයිෂික ගුරුවරිය සහභාගිත්වයකට පොලිස් පරිවාරථ යොදවා තිබෙනවා.

පහවසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට ශිෂ්‍යත්ව පෙරහුරු පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු ගුරුවරිය සහභාගි වන උත්වයකට පොලිස් පරිවාරක රථ ලබා දීම පිළිබඳව මේ වන විට සමාජයේ අතිශය කතාබහක් ඇතිවී තිබෙනවා.

අදාළ ගුරුවරිය විසින් පැවැත් වූ ශ්‍රී ලංකාවේ දැවැන්තම ශිෂ්‍යත්ව හපනුන් ඇගයීමේ සම්මාන උළෙල නමින් උත්සවයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වා තිබුණා.

එම උත්සවයේ සජීවී විකාශයද අන්තර්ජාලය හරහා ප්‍රචාරය කර තිබුණා.

එම දර්ශන වල දැක්වෙන්නේ සම්මන්ත්‍රණ ශාලාව වෙත ඇය පැමිණි මෝටර් රථය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසියේ මෝටර් බයිසිකල් හතරක් සහ තවත් මෝටර් රථයක් මගින් විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇති බවයි.

ඕනෙම අයෙක්ට මේ ආකාරයෙන් ආරක්‍ෂාවක් ලබාගත හැකිදැයි සමාජ මදි ක්‍රියාකාරිකයින් මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා.

ඉතාම මිල අධික ජීප් රථයකින් උත්සවයට සහභාගි වූ ඇය සම්මන්ත්‍රණ ශාලාව වෙත ඇතුළු වීමට පෙර හෙලිකොප්ටරයකින් ඇයට මල් වැස්සක්ද ඇද හැලීමට සලස්වා තිබුණා.

මේ සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදී භාරත තෙන්නකෝන් සමාජ මාධ්‍ය ගිණුමට මෙවැනි සටහනක් එක්කර තිබුණා.

-උපුටා ගැනීම-

ව්‍යාපාරික කාන්තාවක් විසින් සිය ව්‍යාපාරික ප්‍රවර්ධන කටයුත්තක් සදහා “පොලිස් නිලධාරීන් හා සම්පත් කුලියට ගෙන” සිදු කරන සංදර්ශනයක් දින දෙක තුනක් තිස්සේ සිදු වෙමින් තිබේ.

“මුදල් ගෙවා ලබා ගත හැක..” යන සරල අර්ථයෙන් එය ගත නොහැක.

එය එසේ නම් ඕනෑ තක්කඩියෙකුට මුදල් ගෙවා පොලිසිය තම සංදර්ශනාත්මක වැඩ සදහා කුලියට ගත හැක.

උදාහරණයක් ලෙස කුඩු ප්‍රවාහනයට ද මෙලෙස මුදල් ගෙවා ආරක්ෂකයින් ලබා ගත හැක. අරමුණ හෝ ප්‍රතිඵල ගැන කිසි අදහසත් නොමැතිව ටියුෂන් ප්‍රවර්ධනයට පොලිස් නිලධාරීන් කුලියට දෙන පොලිසිය- එවැන්නන්නට නිලධාරීන් හා වාහන කුලියට නොදෙනවා යැයි කියන්නේ කෙසේද.

චිත්‍රපට හා වාර්තා වැඩසටහන් වැනි දේ සදහා වෙනම ප්‍රතිපත්තියක් මත ද සංගීත සංදර්ශන, සල්පිල් වැනි වැඩ සදහා ආරක්ෂාව පිණිස ද පොලිසිය කුලියට දීම වෙනම වැඩකි.

නමුත්, මේ ඊනියා තේජසත් පෙන්වීමට, ව්‍යාපාර ප්‍ර්‍රවර්ධනයට හෝ අපරාධ සිදු කිරීමට මෙලෙස පොලිස් නිලධාරීන්, නිල ඇදුම් හා වාහන භාවිතය කිසි ලෙසකින්වත් අනුමත කළ නොහැක.

එච්චරයි…

මා දැන් මයික්‍රෆෝනය භාර දෙනවා පොලිස්පති අප මිත්‍ර Priyantha Weerasooriyaට.

ඡායාරූප

අවස්ථා කීපයකදීම එකම තැනැත්තියක් විසින් එසේ “කුලියට ගත්” පොලිසිය භාවිත කරමින් දක්වන සංදර්ශන අවස්ථාව

-උපුටා ගැනීම අවසන්-

මේ අතර චාන්‍යා හේරත් ද දීර්ඝ සටහනක් ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබුණේ මෙලෙසයි.

ටියුෂන් කියන්නෙ බිස්නස් එකක් නම් ඒක හයේශිකා එයාගෙ උපරිමයෙන් සුකුරුත්තං දාලා කරාම විතරක් අනික් ටියුෂන් සර්ලා ටීචර්ලාට නොබැණ ඇයි මේ ගවර්මන්ට් ටීචර්ලා හයේ ශීකා එක්ක විතරක් ෆයර් වෙලා තියෙන්නෙ??

ටියුෂන් තහනම් නෑනෙ ලංකාවෙ?? ඕලෙවල් , ඒලෙවල් පාස් උන ලමයින්ටත් ඒ ටියුෂන් සර්ලා ටීචර්ලා උපහාර උත්සව තියෙනවානෙ ඕනෙ තරම්??

ඇයි මේ මේක විතරක් බුකියම කතා කරන්න තරම් එකක් වෙලා තියෙන්නෙ??

ඔය පාස් වෙච්ච ළමයින්ට උපහාර උත්සව අපේ කාලේ හිටං තිබුනා. අපි ඉස්සර කඩවත සයන්ස් ඉමේජ් එකේ සුමේධ ජයවර්ධන සර්ගෙ මැත්ස් ක්ලාස් යනකොට හැම අවුරුද්දෙම සුමේධ සර් මැත්ස් වලට. A , B ගන්න ළමයින්ට උපහාර උලෙලක් කලා..

මට නම් ඒකෙ ලොකු වරදක් පේන්නෑ.. වෙනස තියෙන්නෙ පාස් උනු ළමයින්ට අනික් ටියුෂන් සර්ලා ටීචර්ලා උපහාර උත්සව තියන්නෙ තමුන්ගෙ ශක්‍යතා මට්ටමින්..

අපි පිළිගන්න ඕනෙසත්‍යයක් තමයි අපි කොච්චර බැන්නත් නැතත් හයේශිකාගේ සිස්සත්ව ඔන්ලයින් ක්ලාස් එක තමයි ලංකාවෙ යම් නිශ්චිත ශ්‍රේණියක වැඩිම සිසුන් පිරිසක් සහභාගී වෙන ලොකුම මාර්ගගත ටියුෂන් ක්ලාස් එක.

ඉතින් හයේශිකාට අනිවාර්‍යෙන් සල්ලි තියෙනවා සෑහෙන්න .. අනික ඔය 8000 ක් ආපු උත්සවෙට එක ලමයෙක්ගෙන් අය කරලා තියෙනවා රුපියල් හාරදාහක්.. ( පේජ් එකක තිබුනෙ 4000 ක් ගත්තා කියලා) එතකොට එහෙම බැලුවත් එතනම තුන්කෝටි විසි ලක්ශයක්.

හැබයි මෙහෙමයි හයේශිකාගෙ වත්කම එක්ක ඔය උපහාර උත්සවේට ළමයින්ගෙන් සල්ලි නොගෙන ඉන්න තිබුනා. මට නම් මතක නෑ හයේශීකා තරම් පෝසත් නැති අපේ ටියුෂන් සර්ලා ඒ කාලේ උපහාර උත්සව වලට අපෙන් සල්ලි අරන් ඒ සල්ලි වලින්ම අපිට පදක්කම් දැම්මා වගෙ සීන් එකක්…

හයේශිකාගෙ ටියුෂන් කෙරුවාවට මන් විරුද්ධ නෑ. මේ රටෙ නීත්‍යානුකූල ලෙස නැඟලා යන බිස්නස් එකක් කරන්න ඕනෙ කෙනෙක්ට අයිතියක් තියෙනවා.. එහෙම විරුද්ධ වෙනවා නම් ඕලෙවල් ඒ ලෙවල් සෙලිබ්‍රේටි ගුරුවරුන්ටත් විරුද්ධ වෙන්න අපිට සිද්ධ වෙනවා. ඒ මනුස්සයා හරියට ආදයම් බදු ගෙවනවා නම් එච්චරයි

මම පුදුම වෙන්නෙ හයේශිකා මේ උපහාර උත්සවේට සල්ලි ගත්ත එක ගැනයි. දන්න හැටියට කෝටි තුනක් කියන්නෙ හයේශිකාට සුලු මුදලක්. ඕකත් පාස් උනු ලමයින්ගෙන්ම අය කරගන් නැතුව ඉන්න තිබ්බා..

මන් දන්න විදියට ඔය සිස්සත්ව ලමයින්ගෙ ටියුෂන් වලට එයා අනෙක් කාටත් වඩා ඉහල පන්ති ගාස්තුවක් අයකරනවා.. වාරයක් මැදදි එයා එන්න එන්නම පන්ති ගාස්තු වැඩිකරනවලු.. මට එක ලමයෙක්ගෙ අම්මෙක් කිව්වා

” ටිචර් අම්මා ටීචර් අම්මා ” ගගා නිල්මිණි තෙන්නකෝන් වගේ කුවීන් ඔෆ් ද ටියර්ස් කෙනෙක් වගෙ රඟපෑවට එක සතියක් හරි ක්ලාස් පීස් වැටුන් නැත්තම් ලින්ක් එක එවන්නෙත් නෑලු

හරි ඉතින් අනෙක් ක්ලාස් වලට වඩා ඔන්ලයින් ක්ලාස් මහා පරිමාණව යද්දි ඒ වගෙ දේවල් සිස්ටම් එක්ක යන්න උනාම ඒකත් සාධාරණයි. ටියුෂන් කියන්නෙ නිදහස් අධ්‍යාපනයට අයත් එකක් නෙමෙයිනෙ. ඒක බිස්නස් එකක්..

තරහා වෙන්නෙපා මන් මේ හයේශිකාගෙ සීන් එකේදි හැම තැනම කමෙන්ට්ස් වල දකින්නෙ රජයේ පාසල් ගුරුවරුන්ට හයේශිකා එක්ක තියෙන පොඩි ඊරීසියාව මුසු හැඟීමක්..

හා පොඩ්ඩක් එහෙම නැද්ද?

ඉතින් බං උබලා කරන්නෙ රස්සාවක්. එයා කරන්නෙ මහා පරිමාණ බිස්නස් එකක්..

අනේ අපිට උපහාර දැක්වුයේ නෑ. රජයේ පාසල් වල ටීචර්ලා සියඹලා ගෙනාවෙම නැද්ද ගගා අඬන්න එපා..

ඩෙෆිනිට්ලි උඹලා සියඹලා ගෙනාවා… ඒක අපි හැමෝම දන්නවා!

හැබයි උබලගෙයි හයේශිකාගෙයි වෙනස පාස් උණ ලමයින්ට උපහාර උත්සව තියලා හෙලිකොප්ටර් වලින් මල් දාලා , තමනුත් ඒ ගෞරවයෙන් කොටසක් ගන්න තරම් උබලට හයේශිකාට තරම් වත්කමක් නෑ ලොකු ලොකු පාටි දාන්න. උඹලා තමුන්ගෙ රස්සාවට ගන්න පඩිය හයේශිකා එක තප්පර ගානෙන් හොයනවා.

ඒ නිසා තමුන්ගෙ පාත් එකට අදාළ නැති බිස්නස්කාරයො එක්ක හිතෙන් තරඟ හදන් තමුන් ගැන කල කිරෙන් එපා!!

උඹලා තමුන්ගෙ උපරිමය ඒ ළමයි වෙනුවෙන් කලා. ඒ වගේම උබලගෙ රස්සා සුරක්ශිතයි.. අන්න 2028 ඉදන් සිස්සත්වෙ තියන් නෑලු මේ ආණ්ඩුවෙන්.. හැබයි උබලගෙ රස්සා නැති වෙනවද ? නෑ

හැබයි හයේශිකාට මේවටත් එක්ක හරියන්න ලොකු චැලෙන්ජ් එකක් එනවා උබලට සාපේක්ශව. හැබයි ඉතින් එතනදිත් එයා දක්ෂ ව්‍යාපාරික කාන්තාවක් නම් අළුත් අවස්ථා වෙළඳ පොළ වෙත නිර්මාණය කරයි..

මට එයාගෙ පාස් වීමෙ ප්‍රතිශතය සම්බන්ධව සෑහෙන්න ගැටළුවක් තියෙනවා.. එයා ගාව එක අවුරුද්දක ලක්ෂ 2 ක් ළමයි ඉගෙන ගන්නවලු.හැබයි පාස් වෙලා තියෙන්නෙ 8000 යි.. ඒකියන්නෙ හයේශිකාගෙ පහේ ලමයි සමත්වීමේ ප්‍රතිශතය 4% යි..

එහෙම බැලුවොත් එයා එයාගෙ බිස්නස් එකෙ මාකටිං වලට යොදන එෆර්ට් එක ඉගැන්වීම කෙරෙහි සැබෑවටම යොදවලා තියෙනවද කියන ගැටලුව එනවා..

8000 ක් පාස් වෙද්දි එක්ලක්ශ අනු දෙදහක් ළමයි ෆේල්. ෆේල් ළමයි ගෙදෙට්ට වෙලා දෙමාපියන්ගෙන් ටොකු කකා ඉතාම අභාග්‍යසම්පන්න ජිවිතයක් ගත කරණකොට සෙන්ටිමෙන්ටල් සිස්සත්ව මෑම් එයාගෙ කරුණාව බල්ලට දාලා ළමයි අටදාහක් එක්ක පාටියක් දානවා.. ඒකත් උන්ගෙන්ම සල්ලි අරන්..

මට කියන්න ඔයා රජයේ ගුරුවරියක් නම් ඔයා තවදුරටත් හයේශිකාවයි ඔයාවයි ගලපලා ඔයා ගැන කම්පා වෙනවද??

උබලට ගවර්මන්ට් ටිචර්ලා හැටියට පන්තියෙ ඉන්න ළමයි 50 කින් 15 ක් පාස් උනත් බන් හයේශිකාට වඩා සමත්වීමෙ ප්‍රතිශතය ඉහලයි!!

ඒවගෙම පාස් උන ළමයි එක්ක උබලට පාටි දාන්න බැරි උනාට උබලාට හයේශිකාට වගේ ෆේල් උන බහුතර ලමයින්ගෙ හිත් රිද්දන්න වෙන්නෑ..

බිස්නස් එකක් කරන හයේශිකාට වගෙ වෙලඳපල නම්‍යතා, අභියෝග,, වෙලඳපල තරඟය වගෙ බක්කවල් උබලගෙ ගුරු ජිවිතය සංකීර්ණ කරන්නෑ!!

මැයි , මාර , නුග වගෙ පතාක ගස් යට විතරක් නෙමෙයි පොල් පුවක් අ ඹ ගස් යටත් බිහිවෙන දුයිශෙන්ලා ඉන්නවා. ඔයාට ලැබුන සීමිතයට හැකි උපරිමය ඔයා කරන්න!!

හයේශිකාලාට හැමදාමත් පුළුවන් තමුන්ට ලැබුන බහුතරයට සීමීත දෙයක් කරන්න විතරයි!!

ටියුශන් බිස්නස් එකෙයි ගුරු වෘත්තියෙයි ප්‍රධාන වෙනස ඒකයි!!

( හැබයි බිස්නස් එකක් කියලා අමතක කරලා අපිට උගන්වපු ටියුෂන් සර්ලා ඒ කාලේ හිටියා.. මම ඕලෙවල් මැත්ස් වලට A ගත්තෙ මගෙ ටියුෂන් සර්ට පින්සිද්ධ වෙන්න මිසක් මගෙ ඉස්කෝලෙ ටීචර්ට පින් සිද්ධ වෙන්න නෙමෙයි. උසස් පෙළ නම් සමත් වුනේම ටියුෂන් වල පිහිටෙන්.. පාසලෙන් උසස් පෙළට දායකත්වය 20% ක් වගෙ තිබුනෙ. ඒකත් නොකියම බෑ. අද කාලේ ගැන මන් දන්නෑ)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: