hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 06, පෙ.ව. 12:07



කලා ලෝකයේ අපට ඇහෙන ආදර කතා අතර, පහුගිය දවස්වල මහත් කතාබහට ලක්වුණු යුවළක් තමයි ජනිත් – සුධීක්ෂා යුවළ.

මුලින් මුලින් දෙන්නා පෙම්වතුන් බවට බොහෝදෙනා අනුමාන කළත්, පසුව කවුරුත් තේරුම් ගත්තා ඒ සූර්යා චිත්‍රපටයේ ප්‍රවර්ධන කාර්යයක් වන බව.

කොහොම නමුත් බහුතරයක් ප්‍රේක්ෂක පිරිස ඔවුනට ආශිර්වාද කරන විත්තිය නම් පැහැදිලිවම දක්නට ලැබුණා ඒ ප්‍රතිචාර දැක්කාම.

ජනිත් – සුධීක්ෂා දෙන්නා අතර ආදර සබඳතාවක් ඇති බවට පැතිර ගිය ඒ කතාබහ ගැන ජනිත් කියන කතාවයි මේ…

”අපි කරපු වැඩසටහනක් නිසා තමයි ඒ දේ වුණේ. නමුත් චිත්‍රපටයේ ප්‍රවර්ධනය සඳහා තමයි අපි ඒ වැඩසටහනට සහභාගි වෙන්නේ කියලා ඒකෙ බොහොම පැහැදිලිව කියනවා.

සමාධිටත් මටත් තිබෙන ආදරය නිසා ප්‍රේක්ෂකයෝම තමයි අපි දෙන්නව ජෝඩු කරලා තිබුණේ. මට ඒ ගැන හරිම සතුටුයි.

මොකද මෑත කාලීනව නළු නිළියන් පෙම්වතුන් වුණාම දොස් කියන එකනෙ කරන්නේ. නමුත් අපි දෙන්නට හොඳ කියලා තමයි අදහස් පළ කරලා තිබුණේ. ඉදිරියේදී මට විවාහ වෙන්න කැමැත්ත තිබෙනවා.

හරි කෙනෙක් හොයාගන්න එක තමයි ප්‍රශ්නය.

ලෝකයට පේන්න නෙවෙයි තමන්ට පහසු කෙනකු එක්ක තමයි අපි විවාහ වෙන්න ඕනෑ. මම වගේම පොළොවේ පය ගහලා ඉන්න බොහොම අවංක කෙනකු වෙන්න ඕනෑ. ඇත්තටම මම එක්ක සබඳතා තිබුණ පෙම්වතියන් සියලුම දෙනා බොහොම අවංකව මට ආදරය කළ ගරුත්වය ලබා දුන් අය. නමුත් එක එක හේතු මත අපට වෙන් වෙන්න සිද්ධ වුණා.

විවාහයකින් මට ඒ දේ කෙළවර කරගන්න බැරි වුණා. නමුත් දුක් වෙන්නේ නෑ. හොඳම දේ හොඳම විධියට වෙයි කියලා මම හැමවෙලේම විශ්වාස කරනවා…”

උපුටාගැනීම : හදගැස්ම





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: