hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 12:02



කාංචනා මෙන්ඩිස් කියන්නෙ හැමෝම ආදරය කරන දක්ෂ, සුරූපී රංගන ශිල්පිනියක්.

ධර්මසේන පතිරාජගේ සුබ අනාගතයක් ටෙලි නිර්මාණයෙන් රංගනයට පිවිසෙන විටත් ඇය පාසල් වියේ පසුවන ළාබාල යුවතියක්.

දක්ෂ, ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට දායක වීමේ වාසනාව ලද ඇය තම කුලුඳුල් සිනමාපටයෙන්ම හොඳම සහාය නිළියට හිමි සම්මාන ලැබුවා.

ටෙලි නිර්මාණ මෙන්ම සිනමා නිර්මාණ රැසකට දායකත්වය ලබා දුන් කාංචනා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේ සිටිද්දී හදිසියේම රංගනයෙන් ඈත්විම ප්‍රේක්ෂකයා තුළ කැලඹීමක් ඇති වූවාට සැකයක් නැත.

ඇය එතරම්ම ප්‍රේක්ෂක සිත් තුළ ලැඟුම් ගෙන සිටි රංගන ශිල්පිනියක්.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් රෝහණගේ ගිරිකුල ටෙලි නිර්මාණයට දායකවීමත් සමඟින් රංගනයෙන් ඈත් වූ ඇය එය විකාශය වෙද්දීත් ලංකාවෙන් බොහෝ ඈතට ගොස් සිටියා.

ඒ මීට දස වසරකට පෙරයි.

පසුගියදා හදිසියේම ඇය ලංකාවට ආ බව දැනගත් මොහොතේ ඇයගේ නවක තතු විමසීමට සිත්වූයේ අදටත් ඇයට ආදරේ කරන ළෙන්ගතු සිත් බොහෝ සිටින නිසායි.

පහුගිය දවසකත් ලංකාවට ආව ඇය ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ විවාහ මංගල උත්සවයේ කැපී පෙනෙන අමුත්තෙක් බවට පත්ව උන්නා.

එහෙම ආව ගමනේදී ඇගේ තොරතුරු ටිකක් කතා කරන්න, අතීත මතක බෙදාගන්නත් කවුරුත් යුහුසුළු වෙලා තිබුණා.

ඒ විදියට නිවේදක කැළුම් විජේසූරියත් ඇයව සොඳුරු කතාබහකට එක්කාසු කරගෙන.

මේ කතාබහ අතරතුරයි, ඇය මීට පෙර නොකී අපූරු කතාවක් ගැන මෙලෙස වචන එකතු කර තිබුණේ…

”මම කොච්චර ජනප්‍රිය වුණත්, ඒක මම කවදාවත් වැරදි විදියට පාවිච්චි කළේ නෑ.මට මතකයි 2009 අවුරුද්දෙ මට ආරාධනාවක් ලැබුණා ඡන්දෙ ඉල්ලන්න කියලා. ඉහළම තැනකින්.එතකොට මම කිව්වා නැහැ, මම රංගන ශිල්පිනියක්. මගේ හැකියාව මිනිස්සු පිනවීම මගේ රංගනයෙන්.ඡන්දයක් ඉල්ලලා තැනකට යනවා කියන්නෙ මම මේ රටේ මිනිස්සුන්ගේ වගකීමක් ගන්නවා.මම දේශපාලන විද්‍යාව කරලා නෑ.. මට ඒ ගැන දැනුමක් නෑ…මම එහෙම දැනුමක් නැතුව සල්ලිවලට කිසිම දෙයක් භාරගන්න කෙනෙක් නෙවෙයි.ඉතාමත් හොඳින් මම ඒක ප්‍රතික්ෂේප කළා.මම කිසිම වෙලාවක ජනප්‍රියතාව නිසා මගේ නම පාවිචිචි කරපු කෙනෙක් නෙවෙයි.මම එහෙම ජීවිතයකට කැමති නෑ. මම බොහොම සරලව ජීවත් වෙන්නෙ.ඒ නිසා මට අදටත් හොඳට නින්ද යනවා…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: