hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 09, පෙ.ව. 12:01



බොලිවුඩ් නිළි‍යක් හා මන්ත්‍රීවරියක් වන කන්ගනා රනවුත්ට පසුගියදා චන්දිගාර් ගුවන්තොටුපළේ දී කම්මුල් ප්‍රහාරයක් එල්ල කළ CISF කොස්තාපල්වරිය සාධාරණීකරණය කරන සියලු දෙනාට ඇය පිළිතුරු ලබා දී තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙම පහරදීම පසුපස තිබෙන්නේ දේශපාලන විරෝධයක් අතර, පහරදුන් කාන්තාව ඉන්දියාවේ ගොවී ව්‍යාපාරයේ කාන්තාවන්ට රුපියල් 100ක දීමනාවක් සම්බන්ධ ගැටලුවක් නිසා ඇයට බැණවදිමින් මෙම පහර එල්ල කර ඇති බවයි.

ඇය එම කොස්තාපල්වරිය ප්‍රශංසා කරන අයගෙන් ප්‍රශ්න කරනුයේ” මම කාන්තාවක් නිසා පිරිමියෙක් කරන ඕනේම දෙයක් ඉවසන්න ඕනේ කියලා නීතියක් තියෙනවාද?” යනුවෙනි.

ඉන්දීය පොලිසිය පවසන්නේ මෙම කොස්තාපල්වරියගේ සේවය මේවන විට අත්හිටුවා ඇති බවත්, ඇයව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි.

කන්ගනා රනවුත්ට යනු ඉන්දියානු නිළියක, චිත්‍රපට නිෂ්පාදකවරියක සහ දේශපාලනඥවරියක්.

එමෙන්ම, ඇය අගමැති මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ “කාන්තාවන් රුපියල් 100ට ගොවී ව්‍යාපාරයට එකතු වෙනවා.එය ලැජ්ජා සහගත ක්‍රමයක්. පාකිස්ථාන මාධ්‍යවේදීන් ඉන්දියාවේ ගෞරවය කෙළෙසමින් මෙවට ප්‍රචාරයක් දෙනවා.” යනුවෙනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: