hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2025 අගෝස්‍තු 14, පෙ.ව. 12:05



විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර සිටියේ ව්‍යාජ ලබුබු බෝනික්කන් මඟින් හුස්ම හිරවීමේ අවදානමක් ඇති කළ හැකි බවට යි.

මෙහිදී ළමයින්ට බරපතළ අවදානමක් ඇති කළ හැකි මෙම ව්‍යාජ ලබුබු බෝනික්කන් විකිණීමේ යෙදෙන වෙළෙදුන්, වෙ‍ෙළඳ ප්‍රමිති ආයතනය විසින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවට නිලධාරීන් අනතුරු අඟවා තිබේ.

ඒ අනුව විදෙස් වෙළෙඳ ප්‍රමිති නිලධාරීන් පවසා ඇත්තේ, චීන නිෂ්පාදිත සෙල්ලම් බඩු සඳහා ඇති ජනප්‍රියතාවය ඉහළ යාම, ව්‍යාජ නිෂ්පාදකයින්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව ඇති බවත් ඔවුන් ව්‍යාජ ලොම් සහිත බෝනික්කන් සඳහා වෙන් කළ හැකි කුඩා කොටස් එකතු කිරීම හේතුවෙන් මෙලෙස හුස්ම හිරවීමට ඇති අවදානම ඇතිව තිබෙන බව නිලධාරීන් වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම ගෙවුණු සතිය තුළ මෙම ව්‍යාජ බෝනික්කන් සම්බන්ධයෙන් ලද තොරතුරු මත දේශීය වෙ‍ෙළඳුන්ගෙන් බෝනික්කන් 100ක් පමණ පොලිස් භාරයට ගෙන තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: