hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 21, පෙ.ව. 5:55



මෙරට පුංචි තිරයේ ඉන්නා ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතරින් ප්‍රමුඛතම චරිතයක් වශයෙන් නිල්මිණි තෙන්නකෝන් මහත්මිය හදුන්වන්නට පුළුවන්.

ඇයගේ රංගන හැකියාව නිසාම මෙරට කලා ක්ෂේත්‍රය තුළ හිමි වන සම්මාන රැසකින් ඇය පිදුම් ලබා තිබෙනවා.

විවිධ චරිත නිරුපණය කරන චරිතාංග නිළියක් වශයෙන්ද ඇයව හදුන්වන්නට පුළුවන්.

අප කවුරුත් දන්නා ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමඟ විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වී දියණිය සමග කාලය ගත කරන නිල්මිණි තෙන්නකෝන් දරුවා එක්ක කලා කටයුතු කටයුතුත් සමබරව කරගෙන යන ඇයට ඇයව දැනෙන ආකාරය පිළිබඳව පුවත්පතකට අදහස් කීපයක් එකතු කරලා තිබුණා.

“ඇත්තටම මට මං ගැන ආඩම්බරයි. මම අම්මා තාත්තාගේ හුරතල් එක්ක හැදුණු වැඩුණු කෙනෙක්. ඒ කාලේ මට ජීවිතේ කිසිම බරපතළ බවක් වගකීමක් තේරුනේ නැහැ. අඩුම තරමේ මම බැංකුවට වත් ගිහිල්ලා නැහැ. රංගනයට ආපු මුල්කාලේ ඉතාමත් සැහැල්ලුවෙන් මම කටයුතු කළා. නමුත් බිරිඳක් මවක් උනාට පස්සේ ජීවිතේ බොහෝ වගකීම් දරන සහ යුතුකම් ඉටු කරන චරිතයක් බවට පත්වුනා.

ජීවිතය අපිට කිසිම දෙයක් අයිති නැහැ ඒ දර්ශනය මම වටහා ගෙන ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා ජීවිතයට මම වැඩිය ඇලුම් කරන්නේ නැහැ  නමුත් මගේ එකම වස්තුව දියණියයි අපි සතු වගකීම ඉතා නම්බුකාර විදිහට දියණිය වෙනුවෙන් ඉටු කරන්න ඕනේ කියන තැන තමයි මම ඉන්නේ.

මේ කලාවට පින්සිද්ද වෙන්න තමයි මම හැමදේම ගොඩනගා ගත්තේ. කොහොම නමුත් කලාවෙන් නම් ඉවත් වෙන්නේ නැහැ. නිවස පවා බැංකු ණය අරගෙන හදලා ඒ ණය ගෙවමින් මේ කටයුතු සියල්ල කරගෙන ආවෙ මම කලාව නිසා. සැලුන් එකේ කටයුතුත් ඉතාමත් හොඳින් කරගෙන යනවා ඉතින් මේ තනියම යන ගමන නිසා ජීවිතය කාර්ය බහුල වෙලා”