2022 දෙසැම්‍බර් 12, ප.ව. 8:39
නුවන් ගුණවර්ධන කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ ගායකයෙක්.
ආදරණිය නිහතමානී චරිතයක්. ඒ හඩට හැමෝම ආදරය කරනවා.
ඔහුගේ ආදරණිය පුතු තමයි හැමෝම දන්නා හදුනන ගායන ශිල්පියෙකු වගේම රංගන ශිල්පියෙකු වන ගයාන් ගුණවර්ධන.
මේ ආදරණිය ගායකයා වන නුවන් ගුණවර්ධනයන් නොසිතු ලෙසින් මෙලොව හැර යනු ලැබුවේ සියලු ලක්වාසීන් කම්පාවට පත්කරමින්.
ඔහුගේ වෙන්ව යාම ගායන ක්ෂේත්‍රයට පිරවිය නොහැකි අඩුවක්.
ගයාන්ට තාත්තා කියන්නේ මුළු ලෝකයක්.
තාත්තා සමග ඔහු නිතරම එකට කාලය ගතකලා. ඔහුගේ ගීත ගායනා කරා.
ඉතින් ගයාන් සහ තාත්තා අතර තිබ්බේ ගොඩක් ලොකු බැඳීමක්.
ඒ නිසාම ගයාන්ට තමන්ගේ තාත්තාගේ වියෝව දරාගන්න ගොඩක් අපහසුයි.
ඉතින් අවසන් කටයුතු සිද්ධ වන මොහොතේ ගයාන් කඳුළු පිරි දෑසින් අවසානයේ වචන කීපයක් සඳහන් කළා.
“ඔහු කියපු මා පැතූ ලෝකය ගීතය පද රචනා කළේ ගායනා කළේත් ඔහු.ඔහු කියනවා සුදු කළු භේද කිසිත් නෑ මා සලකන්නේ කාටත් ගීත ගයන්නෙ.නැති බැරි දාට කවුද ළඟ ඉන්නේ.අසරණයෙක් බව දන්නේ.ඉන්න සුළු කාලයේ මිනිස් ගුණදම් රැක ගන්නේ.කියලා මගේ තාත්තා කියනවා.ඉතින් මගේ තාත්තාගේ නම හැමදාමත් හොඳ නමක් විදිහට තියෙනවා කියන විශ්වාසය මට තියෙනවා.”
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26