hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2023 ජූනි 27, ප.ව. 12:40



කොළඹ නාලන්දා විද්‍යාලයේ නව විදුහල්පතිවරයා ලෙස  පත් වූ යූ.ඩී. ඉරාන් චම්පික සිල්වා ඊයේ (26) සිය ධුරයෙහි වැඩ භාර ගත්තා.

ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධාරියකු වන හෙතෙම පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්.

කැලණි විශ්වවිද්‍යාලයෙන් වාණිජ විද්‍යාවේදී විශේෂ ගෞරව ප්‍රථම උපාධිය ලබාගෙන ඇති අතර ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනපති උපාධියද කැලණි විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ජාතික අධ්‍යාපන ආයතනයෙන් අධ්‍යාපන කළමනාකරණය පිළිබඳ විද්‍යාපති උපාධියද ලබාගෙන තිබෙනවා.

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ ස්ථාවර කමිටුවේද සාමාජිකයෙක්.

අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ හෙතෙම කඩුවෙල බෝමිරිය මධ්‍ය මහා විද්‍යාලයේ වසර 11ක්ද, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ වසර 7ක්ද සේවය කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: