hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 මැයි 12, පෙ.ව. 6:23



යෙහාලි සංගක්කාර කියලා කියන්නේ ක්‍රිකට් තරුවක් වන කුමාර් සංගක්කාරගේ ආදරණීය බිරිද.

මේ දිනවල ගාලු මුවදොර පැවැත්වෙන අරගල භූමියට හැකි සෑම අවස්ථාවකම ආ චරිතයක් තමයි යෙහාලි කියන්නේ.

ඉතින් ඇය ඊයේ දවසේ ඇදිරි නීතිය මැද වූවද අරගල භූමියට පැමිණියා.

එලෙස ඇය අරගල භූමියට පැමිණ මෙසේ අදහස් දක්වා සිටියා.

“කොළඹ හැම පැත්තෙන්ම අපි නිකන් හොරු වගේ ආමි එකෙන් දාලා අපිව තද කරලා. මට එකම දෙයයි කියන්න තියෙන්නේ මේ අරගලය ආදරයේ අරගලයක්. හැම වෙලාවෙම මෙතනින් අපිට කිව්වේ මේක ආදරයේ අරගලය සාමකාමී අරගලය ගොඩක් හිතලා ඉවසීමෙන් වැඩ කරමු කියලා. මේ අරගයල නැවතෙන්නේ නැහැ. අරගලය නැවතෙන්න දෙන්නෙත් නැහැ. අපි ඔක්කොම එකට එකතු වෙලා සාමකාමීව මේක කරමු. ප්‍රචණ්ඩත්වය අයිති ඒ නාකියොන්ට. ඒගොල්ලො තමයි ඒක ගේන්නේ. ඒක අපිට අයිති නැහැ. මෙතන ඔක්කොම ඉන්නේ අවදි වූ තරුණ තරුණියන්. අපි සාමකාමීව මේක ගෙනියමු.”