2022 නොවැම්බර් 06, පෙ.ව. 10:15
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිඩ්නි නුවර දී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එරටින් ලැබෙන තොරතුරු අනාවරණය කරන්නේ අධිකරණය විසින් ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි.
31 හැවිරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පසුගිය සතියේ සිඩ්නි හි නැගෙනහිර ප්‍රදේශයේ සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අද (06) සසෙක්ස් වීදියේ හෝටලයක දී යි අත්අඩංගුවට ගෙන ඇත්තේ.
රෝස් බේ (Rose Bay) ප්‍රදේශයේ නිවසකදී 29 හැවිරිදි කාන්තාවක් ලිංගික අතවරයකට ලක්ව ඇති බවට වාර්තා වීමත් සමඟ එරට රාජ්‍ය අපරාධ විධානය, ලිංගික අපරාධ අංශය සහ ප්‍රදේශයේ පොලිසියේ පරීක්ෂකයින් ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කළ බවයි කියන්නේ.
අනුමැතියකින් තොරව ලිංගිකව එක්වීමේ චෝදනා හතරක් සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලකට චෝදනා එල්ල වී තිබෙන්නේ පසුගිය නොවැම්බර් 02 වැනිදා සිදුවූ බව කියන සිද්ධියකින් පසුවයි.
2025 නොවැම්බර් 04, පෙ.ව. 11:50
2025 නොවැම්බර් 04, පෙ.ව. 10:29
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 11:24
2025 ඔක්තෝබර් 29, ප.ව. 3:01
2025 ඔක්තෝබර් 29, ප.ව. 12:16