hit counter

2025 ඔක්‍තෝබර් මස 26 වන ඉරිදා

2023 පෙබරවාරි 03, ප.ව. 1:52


ජාතික රෝහලේ උණුසුම් තත්ත්වයක්

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් සේවකයකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ගැටුම් සම්බන්ධයෙන් තවත් එක් සුළු සේවකයකු මරදාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ගැටුම හටගෙන ඇත්තේ රෝහලේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සහ ජාතික සේවක සංගමයේ සාමාජිකයන් දෙපාර්ශවයක් අතරයි.

ගල් මුල්වලින් හා පොලු වලින් මෙම පහරදීම සිදුකර ගෙන ඇති බවද වාර්තා වෙනවා.

සිදුවීම සම්බන්ධයෙන් මරදාන පොලිසිය තවදුරටත් පරීක්ෂණ සිදු කරමින් සිටිනවා.