hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 මාර්තු 19, ප.ව. 7:44


ප්‍රමිති සහතික අනිවාර්ය භාණ්ඩ ලැයිස්තුවට ගෑස් නැහැ! විගණන වාර්තාවෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබාගැනිම අනිවාර්ය භාණ්ඩ පිළිබද ලැයිස්තුවට ගෘහස්ත ගෑස් හෝ ගෑස් භාවිතයේ දි යොදාගනු ලබන රෙගියුලේටර් ගෑස් බටය වැනි උපාංග ඇතුලත්වි නොමැති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

ඒ පිළිබඳ ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන්.

කෙසේවුවද හිස් ගෑස් සිලින්ඩරයේ ප්‍රමිතිය පමණක් එහි ඇතුලත්ව තිබෙනවා.

එම නිසා ගෘහස්ත ගෑස් සහ ගෑස් භාවිතයේ දි යොදාගනු ලබන රෙගියුලේටර් ගෑස් බටය වැනි උපාංග සදහා ප්‍රමිතිය සකස්කළ තිබුනද එම ප්‍රමිති භාවිතයට ගැනිම හෝ ප්‍රමිතිය අනුව ගුණත්වය පරික්ෂා කිරිමේ ක්‍රමවේදයක් නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට තිබෙනවා.

එමෙන්ම ආනයන අපනයන පාලක මණ්ඩලය විසින් නිකුත්කොට ඇති ආනයන පරික්ෂාකළ යුතු භාණ්ඩ ලැයිස්තුව තුල ගෑස් ඉන්ධනය ඇතුලත් කර නෑ.

එම නිසා ගෑස් සදහා ආනයන පරික්ෂණය ද බලපානු නොලබන බව නිරික්ෂණය වි තිබෙනවා.

ජනජිවිතයට ඉතා සමිපව ඇති ගෑස් ඉන්ධනය සම්බන්දයෙන් නිසි පරිදි නියාමනයක් පැවතිය යුතුවුවද ගෑස්වල සංයුතිය හා ඒවා භාවිතයේ දි යොදා ගන්නා උපාංග සම්බන්දයෙන් නියාමනයක් සිදුනොවිම හේතුවෙන් වර්තමානයේ මෙම ඉන්ධන භාවිතය අනතුරුදායක තත්වයට පත්ව තිබු බවද විගණනය මගින් අනාවරණය වී තිබෙනවා. 

ගෑස් අනතුරු පිළිබද මතුවිමෙන් පසු ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය වෙත ඒවායේ සංයුතිය පරික්ෂා කිරිමේ නෛතික ප්‍රතිපදාන ලබා දි තිබුනද එම කාර්ය ඉටුකිරිමට ප්‍රමිති ආයතනය විසින් අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරිම කඩිනම්ව කළයුතු බව විගණනය මගින් නිර්දේශ කර තිබෙනවා.