2022 අගෝස්‍තු 23, පෙ.ව. 9:52
මහනුවර සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියක් පීලි පැනිමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවා.
මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු 1126 භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ භාණ්ඩ ප්‍රවාහන වැගනයක් රොසැල්ල දුම්රිය ස්ථානය අසලදි පීලි පැන ඇති බවයි රොසැල්ල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.
පීලි පැනිමට ලක් වු දුම්රිය මැදිරිය පිලිගත කරන තෙක් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරන පොඩි මැණිකේ සහ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය දුම්රිය පීලි පැන ඇති ස්ථානය දක්වා ධාවනය කර දුම්රියන් දෙකෙන් ගමන් ගන්නා මගින් දුම්රියන් දෙකට මාරු කර යැවිමට පියවර ගන්නා බව රොසැල්ල දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුවා.
පීලි පැනිමට ලක් වු දුම්රිය වැගනය පිලිගත කිරිමට කඩිනමින් පියවර ගන්නා බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසුවා.
2025 දෙසැම්‍බර් 12, ප.ව. 6:47
2025 දෙසැම්‍බර් 12, ප.ව. 2:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 4:32
2025 නොවැම්බර් 12, ප.ව. 9:10
2025 නොවැම්බර් 12, ප.ව. 2:53
01-11-25
01-11-25
26-10-25
26-10-25
09-10-25
09-10-25
08-10-25
08-10-25
08-10-25
08-10-25
30-09-25
30-09-25
30-09-25
30-09-25
25-09-25
25-09-25
23-09-25
23-09-25
18-09-25
18-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25