hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2025 ඔක්‍තෝබර් 09, පෙ.ව. 12:07



වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් සහ වෙනත් සමාජ මාධ්‍ය උපයෝගී කර ගනිමින් සිදුවන මුල්‍ය වංචා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

සමාජ මාධ්‍ය සමූහ උපයෝගී කර ගනිමින් මෙම වංචනික ක්‍රියා සිදුවන බවත් මෙවැනි මුල්‍ය වංචා සම්බන්ධයෙන් දෛනිකව පැමිණිලි වාර්තා වන බවද පොලීසිය සඳහන් කරයි.

එනිසා ගිණුම් අංක, මුරපද ආදී රහස්‍ය තොරතුරු බාහිර පුද්ගලයින්ට ලබා දීමෙන් වලකින ලෙසට පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

සමාජ මාධ්‍ය ජාලා ගිණුම් තුළ නොදන්නා පුද්ගලයින් සහ සමාජ මාධ්‍ය සමුහ මඟින් විවිධ ආදායම් මාර්ග ලබාදෙන බව සඳහන් කරමින් සිදුකරන වංචනික පෙළඹවීම්වලට හසු නොවන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: