2024 අගෝස්‍තු 05, ප.ව. 12:07
ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාරිය ඇතුළු සැකකරුවන් 10 දෙනා අද (05) යළි කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.
ඉකුත් නඩු දිනයේදී මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මියගේ නියෝගය පරිදි අද දිනයේදී අදාළ නඩුව සම්බන්ධයෙන් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගේ පුතු සහ ඔහුගේ දේහය භාරගත් තැනැත්තා නීති කෘත්‍යය සඳහා අධිකරණයෙහි පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
මේ අතර, ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකුට මරු කැඳවූ වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා තිබුණා.
පසුගිය ජූලි 8 වනදා අතුරුගිරිය පොලිස් වසමේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී ටී 56 ගිනිඅවිවලින් වෙඩිතබා ක්ලබ් වසන්ත සහ තවත් අයෙකු ඝාතනය කර තිබූ අතර එම වෙඩිතැබීමෙන් තවත් සිව්දෙනෙකු බරපතළ තුවාල ලැබුවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන ඇති අතර, සැකකරුවන්ගේ ඡායාරූප 03 පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.
2026 ජනවාරි 23, ප.ව. 3:58
2026 ජනවාරි 23, ප.ව. 12:39
2026 ජනවාරි 19, ප.ව. 4:32
2026 ජනවාරි 14, ප.ව. 3:34
2026 ජනවාරි 14, ප.ව. 12:06
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26