hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 31, පෙ.ව. 10:49



පාන් ගෙඩියක මිල රුපියල් 300ක් දක්වා ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවා.

මේ වන විට වෙළෙඳපොළෙහි පවතින දැඩි තිරිඟු පිටි හිඟය හේතුවෙන් එම තත්ත්වය ඇති වෙන බව හෙතෙම ප්‍රකාශ කළා.

ඒ හේතුවෙන් බේකරි 200ක් පමණ වැසී ගොස් ඇති බව ද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

තිරිඟු පිටි සපයන ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් දෙක මේ වන විට වෙළෙඳපොළට සපයනු ලබන්නේ තිරිඟු පිටි අවශ්‍යතාවයෙන් සියයට 25ක ප්‍රමාණයක් බව ද ඒ මහතා පැවසුවා.

අවශ්‍ය සමස්ත තිරිඟු පිටි ප්‍රමාණය සැපයීමට අදාළ සමාගම් 2කට හැකියාව ඇති බව ද ඩොලර් නොමැති වීම මත අදාළ සමාගම් මේ වන විට තිරිඟු පිටි අවශ්‍යතාවයෙන් කොටසක් පමණක් සැපයීම සිදුකරන බව ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළා.

තිරිඟු පිටි හිඟවීම හේතුවෙන් මේ වන විට වෙළෙඳපොළේ කළු කඩ මිලක් නිර්මාණය වී ඇති බව ද 13,500ක්ව පැවැති කිලෝ 50ක තිරිඟු පිටි ගෝනියක් රුපියල් 20,000ක මිලට වෙළෙඳපොළ තුළ අලෙවි වන බව ද ඒ මහතා පැවසුවා.

ඒ සඳහා ඉක්මන් විසඳුමක් ලබා නොදුනහොත් පාන් මිල ඉහළ දැමීම හැර වෙන විකල්පයක් නොමැති බව සභාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: