hit counter

2024 මැයි මස 15 වන බදාදා

2024 පෙබරවාරි 05, පෙ.ව. 12:01



වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසන්නේ, පාරිභෝගික අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව නියමිත බරට පාන් අලෙවි නොකරන වෙළදුන් සොයා අද (05) සිට වැටලීම් ආරම්භ කරන බවයි.

පාන්ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් ලෙස තිබ්ය යුතු බවයි, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඉන් අඩුවිය හැකි උපරිම බර ප්‍රමාණය ග්‍රෑම් 13යි දශම බිංදුවයි පහක් ලෙස අදාල ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

එමෙන්ම පාන් ගෙඩියක බර ග්‍රෑම් 225ක් වියයුතු අතර අඩුවිය හැකි ප්‍රමාණය ග්‍රෑම් 09ක් බව එහි සදහන්.

කෙසේ වෙතත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් කියා සිටියේ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අදාල ගැසට් නිවේදනයේ අඩුපාඩු පවතින බවයි.

කෙසේ වෙතත්, පාන් වල නියමිත බර සදහන් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව පාන් අලෙවි කරන්නේද නැද්ද යන්න සොයාබැලීම සදහා අවශ්‍ය කටයුතු අද සිට ක්‍රියාත්මක කරන බව වෙළද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: