hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:49



මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනයට අනුව සැප්තැම්බර් මස ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම පවසයි.

අප කළ විමසීමකදී ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

අවසන් වරට ගෑස් මිල සංශෝධනයක් සිදුකෙරු‍ණේ ජුලි මස 2 වනදා ය.

ඒ අනුව මේ වනවිට කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල දැක්වෙන්නේ රුපියල් 3,690ක් ලෙසට ය. 

කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙස සඳහන් වෙයි.

එමෙන්ම කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: