2026 ජනවාරි 06, ප.ව. 1:12
වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝ අමෙරිකානු අත්අඩංගුවට පත්වීමේ දේශපාලන පෙරළියත් සමඟ ලෝක වෙළෙඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද (06) උදෑසන වන විට ආසියානු රන් වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 4,461ක් ලෙස සටහන් වුණා.
ගෝලීය මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට රන් මිල ද රුපියල් 3,000ක පමණ කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කරන බව වෙළෙඳපොළ දත්ත වාර්තා කරනවා.
කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ වත්මන් මිල ගණන්වලට අනුව කැරට් 22 රන් පවුමක මිල රු. 337,600ක් ලෙස සටහන් වනවා.
ජනවාරි 01 දින එම මිල සටහන් වුණේ රු. 327,500 ක් ලෙසයි.
කැරට් 24 රන් පවුමක මිල: රු. 365,000ක් ලෙස සටහන් වුණා.
ජනවාරි 01 දින එම මිල සටහන් වුණේ රු. 354,000ක් ලෙසයි.
පසුගිය ජනවාරි 01 වැනිදාට සාපේක්ෂව දින පහක් වැනි කෙටි කාලයක් තුළ රන් මිල මෙලෙස සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.
2026 ජනවාරි 07, ප.ව. 12:46
2026 ජනවාරි 05, පෙ.ව. 9:41
2026 ජනවාරි 04, ප.ව. 5:11
2025 දෙසැම්බර් 31, ප.ව. 3:42
2025 දෙසැම්බර් 31, ප.ව. 3:27
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
07-01-26
06-01-26
06-01-26
06-01-26
06-01-26
06-01-26
06-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26
05-01-26