hit counter

2026 ජනවාරි මස 23 වන සිකුරාදා

2026 ජනවාරි 24, පෙ.ව. 12:03



LankaPropertyWeb (LPW) විසින් ප්‍රකාශයට පත් කරනු ලබන වාර්ෂික ඉඩම් මිල දර්ශකයට අනුව 2025 වසරේ දී කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන් හී තදාසන්න නගරවල ඉඩම් මිල ශක්තිමත් වර්ධනයක් අත්පත් කර ගෙන ඇති බව වාර්තා වේ.

එහි දැක්වෙන පරිදි කොළඹ 1-15 නගර සීමාව තුළ ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල (Average land prices per perch) රු. මිලියන 12ක් දක්වා 4%ක වර්ධනයක් පසුගිය වසර තුළ වාර්තා කර ඇත. එසේම කොළඹ තදාසන්න ප්‍රදේශවල ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල රු. මිලියන 2.3ක් දක්වා 8%කින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

මේ අතර මෙම දර්ශකය පවසන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල රු. 769,097 ක් දක්වා 15%කින් සහ කලුතර දිස්ත්‍රික්කයේ ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල රු 486,396ක් දක්වා 10%කින් වැඩි වී ඇති බවයි.

මේ වන විට ආයෝජකයින්ගේ සහ ගැණුම්කරුවන්ගේ උනන්දුව වැඩි වශයෙන් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල තදාසන්න නගර වෙත යොමුවෙමින් ඇති බව මෙම වාර්තාව පෙන්වා දේ. ඒ අනුව ගම්පහ යක්කල ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල රු. 831,015 ක් දක්වා, කොළඹ හෝමාගම ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල රු. 916,912 ක් දක්වා, ගම්පහ මීගමුව ඉඩම් පර්චසයක මිල රු. 1,561,925 ක් දක්වා 35% බැගින් ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.

තවද කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල රු. 1,222,181 ක් දක්වා 30%කින් ඉහළ ගොස් ඇති අතර කඩුවෙල, පන්නිපිටිය, මොරටුව හා නුගේගොඩ නගරවල ඉඩම් පර්චසයක සාමාන්‍ය මිල පසුගිය 2025 වසර තුළ දී 25%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: