2024 ජූලි 09, පෙ.ව. 9:58
මහජන බැංකු ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි අභියෝගතා T20 ලීග් ක්‍රිකට් තරඟාවලිය මඩකලපුව, කොඩ්ඩිමුනේ ක්‍රිඩා ගම්මානයේදි පැවති අතර, එහි ශුරතාවය දිනාගැනීමට K.G.P Fighters කණ්ඩායම සමත්විය.
මෙහි අනුශුරතාවය Dumbara Strikers කණ්ඩායම විසින් හිමිකරගන්නා ලදි.
මෙම ලීග් තරඟාවලිය දින අටක් පුරාවට පැවති අතර, කණ්ඩායම් 08ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වැදිණි. අවසන් මහා තරඟය ද ඇතුළුව තරඟ 16කින් සමන්විතව පැවති මෙම තරඟාවලියට මහජන බැංකු කාර්ය මණ්ඩලයේ ක්‍රිකට් ක්‍රිඩකයින් 120දෙනකු සහභාගී විය.
මෙහි අවසන් මහා තරඟය මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශුරතාවය – K.G.P.Fighters
අනු ශුරතාවය -Dumbara Strikers
තෙවන ස්ථානය – PB Gladiators
සිව්වන ස්ථානය – Colombo challengers
දක්ෂතම පිතිකරු – සහන් හර්ෂණ –K.G.P. Fighters
දක්ෂතම පන්දු යවන්නා – නිපුන් හන්සක -PB Gladiators
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27