2023 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:25
ඉන්ධන මිල ඉහළ දැමුවද ත්‍රිරෝද රථ ගාස්තු වැඩි නොකරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ සහ හිමිකරුවන්ගේ සංගමය අවධාරණය කරනවා.
සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ, ආර්ථික අපහසුතාවලින් පෙළෙන ජනතාවට ගාස්තු ඉහළ දමා තවදුරටත් පීඩනයක් එල්ල කළ නොහැකි බවයි.
ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමුණු අතර, එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 13 කින් වැඩි කරනු ලැබුවා.
මේ අතර, ඩීසල් මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව අද තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඩීසල් ලීටරයක මිල රු. 35 අද සිට ක්‍රියාත්මක වෙනවා.
බස් ගාස්තු තීරණය කිරීමට යොදා ගන්නා සූත්‍රයට අනුව ඩීසල් මිල සියයට 4කට වඩා වැඩි ප්‍රමාණයකින් සංශෝධනය වන්නේ නම් ඒ සඳහා සංශෝධනයක් කළ යුතුයි.
බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව NTC ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසුවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26