hit counter

2025 දෙසැම්‍බර් මස 11 වන බ්‍රහස්පතින්දා

2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 9:57



දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ආරංචිමාර්ග පවසන්නේ පසුගිය දින කිහිපය තුළ ඉහළ ගොස් තිබූ එළවළු රැසක මිල ගණන් මේ වන විට පහළ යමින් පවතින බවයි.

කෙසේවෙතත් බෝංචි කිලෝග්‍රෑමයක මිල තවමත් රුපියල් 1,000 ඉක්මවා අලෙවි වන බව වාර්තා වෙයි

මේ අතර කැරට් කිලෝග්‍රෑමයක තොග මිල අද වන විට රුපියල් 200 දක්වා පහත වැටී ඇති අතර බීට්රූට් , රාබු , නෝකොල් , පිපිඤ්ඤා , වම්බටු , තක්කාලි වැනි එළවළු මිල ද රුපියල් 250 දක්වා පහත වැටී තිබුණි.

මේ අතර ආපදාවට ලක්වූ ප්‍රදේශවල ගොවීන් පවසන්නේ, මේ වනවිට ජලය බැස ගොස් තිබුණ ද කුඹුරු සියල්ල වැලි කඳුවලින් පිරී ගොස් ඇති නිසා තමන් දැඩි අර්බුදයකට මුහුණදී සිටින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: