hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 9:59



හපුතලේ ප්‍රදේශයේ පදිංචි මනෝ වෛද්‍ය උපදේශකවරියක වන හතලිස් තුන් හැවිරිදි සුජාතා මනාභරණ නැමති කාන්තාව බත්තරමුල්ල ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ කපා කොටා මරා දමා ඇති බව තලංගම පොලීසිය පවසනවා.

ඇය මෙම හෝටලයට පැමිණ කාමරයක් වෙන් කරවාගෙන නතර වී තිබෙන්නේ ඉකුත් 26 වනදා බවයි පැවසෙන්නේ.

හෝටලයේ සේවකයන් කාමරයේ දොර විවෘත කර ඇය පිළිබඳ සොයා බලා තිබෙනවා.

ඒ ඊයේ (04) වන විටත් ඇය පිළිබඳව තොරතුරක් නොමැති තැන දී ය.

එහිදී ඇය ලේ විලක් මැද වැටී සිටින අයුරු සේවකයන් දැක තිබෙනවා.

මෙම ඝාතනය පිළිබඳව පොලීසියේ සැකය එල්ල වී තිබෙන්නේ අදාළ කාන්තාව හමු වීමට පැමිණි පිටස්තරයෙකු වෙතයි.

සීසීටීවී කැමරා දත්ත සහ මියගිය තැනැත්තියගේ දුරකථනය ඔස්සේ යමින් පොලීසිය විමර්ශන අරඹා තිබෙනවා.

ස්ථානීය පරීක්ෂණයේ දී ඝාතනය සිදු කළා යැයි සැක කරන පුද්ගලයා විසින් ලියූ පිටු පහක ලිපියක් හමු වී තිබෙනවා.

ඝාතනයට වග කිව යුත්තේ තමා බව එම ලිපිය තුළ ඔහු කියා තිබෙනවා.

වැඩිදුරටත් ලිපියේ සඳහන් වන්නේ නොබෝ දිනකින් තමා පොලීසියට භාර වෙන බවත්, ඕනෑම දඬුවමකට යටත් වීමට තමන් සූදානම් බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: