hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 08, ප.ව. 8:45



මඩකලපුව නාවල්අඩි කළපුවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මඩකලපුව ශිලාමනන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 සහ 18 සිසුන් දෙදෙනෙක්.

එම අනතුර සිදු වන විට එහි සිසුන් හය දෙනෙකු ගමන් කරමින් සිට ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

අද (08) දහවල් 12ට පමණ මඩකලපුව සීලාමුනේ ප්‍රදේශයේ සිට නාවල්අඩි ප්‍රදේශයට ඔවුන් පැමිණි බව සඳහන්.

අනතුරුව ඔවුන් හයදෙනා නැවත සීලාමුනේ බලා පිටත්වීමට ගොඩට පැමිණෙමින් තිබිය දී ඔරුව පෙරළී එයට යටවී ඇති බවයි වාර්තා වන්නේ.

මොවුන් ටික්ටොක් වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා මෙලෙස ඔරුවකින් ගොස් ඇති බව මූලික විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා.