2022 ජූනි 23, ප.ව. 4:33
කොළඹ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක ගැටි යතුරුපැදිකරුවෙකු බරපතල ලෙස තුවාල ලබා ගිනිගත්හේන ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු යතුරුපැදිකරු ජිවිතක්ෂයට පත් වි ඇති බව ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතා පැවසුවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ ගිනිගත්හේන පල්ලේවෙල ප්‍රදේශයේ පදිංචි මලිත් චතුරංග චන්ද්‍රසේන නැමති (39) හැවිරිදි දෙදරු පියෙක්.
මෙම අනතුර සිදු වි ඇත්තේ ඊයේ (22) පස්වරු 4.00ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන රම්පාදෙණිය ප්‍රදේශයේදියි.
යතුරුපැදිකරු ගිනිගත්හේන නගරයේ සිට ගිනිගත්හේන රම්පාදෙණිය පල්ලේවත්ත ප්‍රදේශයේ තම නිවසට යමින් සිටියදි ඉදිරියෙන් ධාවනය වු මෝටර් රථයක් ඉස්සර කර යාමට උත්සහ කිරිමේදි ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණයත් සමග යතුරුපැදිය ලිස්සාගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ඉදිරිපස ගැටි යටවිමෙන් පසු බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගත කිරිමෙන් පසු මියගොස් ඇති බවයි පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
යතුරුපැදිය ලිස්සා ඉදිරියට ඇදි එන අවස්තාවේ ලංගම බස් රථයේ රියදුරා අනතුර වලක්වා ගැනිමට උත්සහ කිරිමේදි ලංගම බස් රථය ප්‍රධාන මාර්ගය අභියස පිහිට ගලක ගැටිමෙන් බස් රථයට දැඩි අලාභ හානි සිදු වි තිබෙනවා.
ලංගම බස් රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගත් බවත්, සැකකරු අද (23) දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ගිනිගත්හේන පොලිසිය පැවසුවා.
යතුරුපැදිකරුගේ නොසැලිකිලිමත් රිය ධාවනය අනතුරට හේතුව වි ඇති බවද ගිනිගත්හේන පොලිසිය පැවසුවා.
2023 දෙසැම්බර් 07, ප.ව. 2:45
2023 ඔක්තෝබර් 17, පෙ.ව. 10:33
2023 ඔක්තෝබර් 08, ප.ව. 8:45
2023 සැප්තැම්බර් 18, ප.ව. 8:56
2023 සැප්තැම්බර් 17, ප.ව. 8:19