hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 04, පෙ.ව. 10:17



යුධ හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබූ බස් රථයක් බස්නැවතුමක ගැටී ඊයේ (03) අනතුරට පත් වී තිබෙනවා.

මෙම අනතුරේදී යුද හමුදා භටයන් හය දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව වාර්තා වෙනවා.

මීරිගම සිට පනාගොඩ යුද හමුදා යුධ හමුදා මූලස්ථානය දක්වා යුධ හමුදා සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබූ සහන සේවා බස් රථයක්  මෙසේ අනතුරට පත් වී තිබෙනවා.

අනතුර සිදුවූයේ සිදු වූයේ ඊයේ (03) පෙරවරු 06:10 ට පමණ.

මීරිගම – පස්යාල මාර්ගයේ හිරිවල බස් නැවතුමෙහි මෙම රථය ගැටී තිබෙනවා.

ඇද හැලෙමින් තිබූ වර්ෂාව නිසා මාර්ගය ලිස්සන සුළු ස්වභාවයක් ගෙන තිබූ බව ප්‍රදේශවාසීහු පවසයි.

බස් නැවතුම් පොළෙහි රැඳී සිටි නිලධාරීන් බස් රථයට නංවා ගැනීම සඳහා නතර කිරීමට තිරිංග තද කිරීමේදී රථය ලිස්සා ගොස් බස් නැවතුම් පොළෙහි ගැටී තිබෙනවා.

මෙම අවස්ථාවේ ප්‍රදේශවාසී කිසිවකුත් බස් නැවතුම් පොළෙහි රැඳී සිට නැහැ.

තුවාල ලත් බස් නැවතුම් නැවතුම්පොලේ රැඳී සිටි නිලධාරීන් හයදෙනා වතුපිටිවල හා මීරිගම රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.

බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර රියදුරු පල්ලෙවෙල පොලිසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගම්පහ – චම්පිකා මුතුකුඩ