hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජනවාරි 27, ප.ව. 5:22



ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක මෙහෙයුම් කළමනාකරුවකු පැදවූ සුඛෝපභෝගී මෝටර් රථයක් මාලිගාවත්ත හංදියේදී  යතුරු පැදි දෙකක ගැටීමෙන් එක් අයකු මිය ගොස් පොලිස් නිලධාරීයකු ඇතුළු දෙදෙනකු බරපතළ තුවාල ලැබූ බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය සඳහන් කළා.

අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයකු වු පි කේ පෙරේරා නමැති 52 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාල ලබා ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු හා මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක පුද්ගලයෙක්.

මෙහෙයුම් කළමනාකරු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.