hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 26, ප.ව. 12:07



පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ දි කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, පුද්ගලික බස්‍ රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටිමෙන් සිදු වු අනතුරකින් එක් අයෙකු මියගොස්  සිව් දෙනෙකුට තුවාල සිදු වූ බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.

කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පාතකඩ දි මෙම අනතුර සිදු වී තිබෙන බවයි ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළේ.

අනතුරින් මියගොස් ඇත්තේ කුඩා ප්‍රමාණයේ ලොරි රථයේ  රියදුරු වු අවිවාහක තරුණයෙක් බව පොලිසිය පවසයි.       

කුඩා ප්‍රමාණයේ ලොරිය පාලනය කර ගැනිමට නොහැකිව රත්නපුර සිට බලන්ගොඩ දක්වා ධාවනය කරමින් තිබු බසයේ ගැටි ඇති අතර ලොරිය පිටු පසින් පැමිණි ත්‍රිරෝද රථයද ලොරියේ ගැටි තිබෙනවා.                                                     

ත්‍රිරෝද රථය සහ කුඩා ප්‍රමාණයේ ලොරිය රත්නපුර දෙසට ධාවනය කරමින් තිබු බව පොලිසිය පවසයි.

ත්‍රිරෝද රථයේ සිටි එකම පවුලේ තිදෙනකු ද තුවාල ලැබු අතර ඔවුන් සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

මියගිය තරුණයා නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පැල්මඩුල්ල පොලිසිය පරික්ෂණ සිදු කරයි.