hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 ජූනි 10, පෙ.ව. 10:43



යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී දුම්රියක මෝටර් රථයක් ගැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ 36 සහ 32 හැවිරිදි වියේ පසුවන බිංගිරිය හා බිදුණුවැව ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකි.

ඊයේ (09) රාත්‍රියේ කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන්ගත් ශිඝ්‍රගාමී දුම්රියක මෙම මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අදාල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය පැමිණෙන අවස්ථාවේදී ආලෝක සංඥා පුවරු ක්‍රියාත්මක වුණද එම සංඥා නොසලකා හරිමින් අදාල මෝටර් රථය රියදුරු විසින් ධාවනය කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැක පලකර සිටීයි.