hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ඔක්‍තෝබර් 05, පෙ.ව. 7:53



එල්ටීටීඊ සංවිධානය සමඟ අවසන් සටන සිදු කළ නන්දිකඩාල් කලපුව අසල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෝටාර් සහ බෝම්බ සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවා.

එහි තිබී මිලි මිටර් 60 මෝටාර් උණ්ඩ තුනක්, ආරුල් බෝම්බ එකක් සහ හඳුනා නොගත් අත්බෝම්බයක් හමුවී තිබෙනවා.

විශේෂ කාර්ය බලකා මුලතිව් කඳවුරේ නිලධාරීන් විසින් මෙම පුපුරණ ද්‍රව්‍ය සොයා ගෙන තිබෙන අතර සැකකරුවන් කිසිදු අයෙක් අත්අඩංගුවට ගෙන නැතැයි පොලිසිය කියා සිටියා.

පුපුරණ ද්‍රව්‍ය තොගය මුලතිව් පොලිස් ස්ථානය වෙත භාරදී ඇතැයි වාර්තා වනවා.

බිමල් ශ්‍යාමන් ජයසිංහ