hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2022 ජූලි 28, පෙ.ව. 10:56



බදුල්ල හිදගොඩ ප්‍රදේශයේ ඇති අයිඕසී ඉන්ධන පිරවුම්හල තුලදී ඊයේ (27) රාත්‍රී 11.30ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇතැයි බදුල්ල පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීම අහසට සිදුකල එකක් බව තහවුරු කරගෙන ඇති අතර වෙඩි තැබීමෙන් කිසිම පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැත.

ඊයේ (27) සවස් කාලයේදී ඉන්ධන ලබාගැනීමට පැමිණ ඇතිවූ ආරවුලක් ‍මත ඉන්ධන පිරවුම්හලේ සේවකයින් බිය වැද්දීමට මෙම වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවටයි පොලීසිය සිදුකල මූලික විමර්ශණයේදී අනාවරණය වී ඇත්තේ.

එය මිලි මීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදූ ගිනි අවියකින් උණ්ඩ හතරක් එල්ලකර ඇති බවට පොලීසිය තහවුරු කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂණ බදුල්ල පොලීසිය සිදු කරයි.

බදුල්ල – ජයලත් දිසානායක