hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 මැයි 20, පෙ.ව. 9:57



මහින්ද රාජපක්‍ෂ මහතා තවදුරටත් එම ධූරයේ සිටිය යුතු යැයි ඉල්ලීම කිරීමට කුලියාපිටියෙන් අරලියගහ මන්දිරයට ගොස් ඉකුත් 09 දා ඇති වූ අවාසනාවන්ත තත්වය ම තපහර කෑ අයෙකු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබමින් සිටියදී ජිවිතක්ෂයට පත් වුණා.

ඒ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාද තහවුරු කළා.

කුලියාපිටිය ගලහිටියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ හර්ෂ ප්‍රියන්ත සත්කුමාර නැමැති 47 හැවිරිදි අවිවාහක අයෙක් එසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ.

පහරකෑමෙන් පසුව මියගොස් සිටි කුමාර මහතාගේ දේහය පෙරේදා (18) රාත්‍රියේ නිවසට රැගෙනවිත් තිබෙනවා.

හර්ෂ ප්‍රියන්ත මහතාගේ මව වූ 74 හැවිරිදි ලීලාවතී මහත්මිය පැවසූයේ, ඉකුත් 9 වැනිදා පෙරවරුවේ නිවසේ නිදි සුවයෙන් සිටියදී පිරිසක් පැමිණ අරලියගහ මැදුරට යාම සඳහා කැඳවාගෙන ගිය බවත් සාමාන්‍යයෙන් මිය ගිය තම පුතු යන එන ස්ථාන පිළිබඳ තමන් දැනුම්වත් නොකරන බවයි.

එසේ ගොස් නිවසට නොපැමිණි තම පුතු යම් පහරදීමකට ලක්ව රාගම ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවට ලද පණිවුඩයකින් අනතුරුව තමන් හා අනෙකුත් දූ දරුවන් සමගින් කළ සොයා බැලීමේදී මියගොස් සිටින පුතු එම රෝහලෙන් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබූ බව දැනගත් බවද ඒ මහත්මිය පැවසුවා. 

මියගිය හර්ෂ ප්‍රියන්ත සත්කුමාර මහතා නිදාගෙන සිටිය දී පිරිසක් තවත් පිරිසක් සතුටු කිරීමේ අරමුණින් රැගෙන ගොස් ඇති බවත් කෙසේවෙතත් එසේ ගොස් තිබුණේ යහපත් කටයුත්තකට නම් තමා ඇතුලු ඥාතීන්ට ඒ පිළිබඳව සතුටු විය හැකි වුවත් එදින සිදුවූ කටයුත්ත කොයි කවුරුත් දන්නා අවාසනාවන්ත සිදුවීමක් හෙයින් ඥාතිවරයාගේ මරණය පිළිබඳව අතිශය කණගාටුවන බවයි.

එමෙන්ම මියගිය අවිවාහක ඥාතිවරයා හුදුමහත් සියලු පොදු කටයුතු වලදී මුල්තැන ගෙන කටයුතු කරන අයෙක් බවත් මනාව කය වෙහෙසා කටයුතු කරන ඔහු නොමැති ශ්‍රමධාන ආදිය මෙතෙක් සිදුව නොමැති බවත් පැවසුවා.

ගලහිටියාව ග්‍රාමයේ කුමාර නමින් බොහෝ දෙනෙකු දිවි ගෙවීම හේතුවෙන් මුල් ගෙවල් වංගු පෙදෙසක පැවතීම හේතුවෙන්  වංගු කුමාර ලෙසින් ආදරයට පාත්‍ර වූ සත්කුමාර මහතා ගමේ සිදුවන අවමඟුල් අවස්ථාවන්හි එම සිරුරු භූමදානය කරන තෙක්ම කිසිදු ලාභයක් අපේක්‍ෂා නොකර කය වෙහෙසා සිදුකිරීමට අවශ්‍ය සෑම කටයුත්තක්ම ඉල්ලූ සැනින් සිදු කරන බවද පැවසුවා.

එමෙන්ම ජීවත් වූ අවධියේදී කුමාර මහතා මොනයම් දේශපාලන කල්ලියක් හෝ නියෝජනය නොකල සෑම කෙනෙකු සමගින් කටයුතු කළ බවද එහි සිටි අයෙක් පැවසුවා.