hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 මාර්තු 18, ප.ව. 4:49



පා තාල වෙඩික්කරුවෙකු වන අත්අඩංගුවට ගත් රවිදු වර්ණ රංගන හෙවත් බූරු මූණා රඳවාගෙනප්‍රශ්න කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළා.

සැකකරු මනුෂ්‍ය ඝාතන 10කට අධික සංඛ්‍යාවකට චෝදනා ලබා සිටින පුද්ගලයෙක්.

හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළකට ඇතුළුවී එහි සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් රැසක් සම්බන්ධයෙන් රවිඳු සංඛ ද සිල්වා හෙවත් ‘බූරු මූණා’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙක්.

ඔහු පොලීසිය මඟහැර සැඟව සිට පසුව ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදාගෙන කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් රටින් පළායාමට උත්සාහ කිරීමේදී පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වුණා.

නමුත් ඔහු ගුවන්තොටුපොළ පොලීසියෙන් ඉතා සූක්ෂම ලෙස පළායාමට සමත් වූ අතර ඔහු නැවත පොලීසිය මඟහරිමින් සැඟවී සිටියදී මෙලෙස ඊයේ අත්අඩංගුවට පත්වුණා.